26.1 C
Colombo
2026-09-16
mediahumanrights.lk
Local NewsNews

පගා දුන්නොත් බස් රථවල මගි ප්‍රවාහන අවසරපත්‍රය අවලංගුයි..

මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය යටතේ පාලනය වන සියළුම පෞද්ගලික බස් නැවතුම්පොලවල් වල සේවය කරන නිලධාරින්ට අයථා ලෙස මුදල් ලබාදිමක් සිදු කලහොත් එසේ මුදල් ලබාදෙන පෞද්ගලික බස් රථ වල නිකුත් කර ඇති මගි ප්‍රවාහන අවසරපත්‍රය අවලංගු කිරිමට පියවර ගන්නා බව මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති බි.එස්.කේ. ලංකේෂ්වරන් මහතා විසින් සියළුම පෞද්ගලික බස් රථ හිමියන්ට, රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට ලිපියක් මගින් දැනුම් දි ඇත.

මධ්‍යම පළාතේ පෞද්ගලික බස් නැවතුම්පොල් වල සේවය කරන නිලධාරින් සහ වේලාසටහන්කරුවන් පෞද්ගලික බස් රථ හිමියන්ගෙන්, රියදුරන්ගෙන් සහ කොන්දොස්තරවරුන්ගෙන් මුදල් අල්ලස් සහ කප්පම් ලබා ගන්නා බවට මාධ්‍යම මගින් බස් රථ හිමියන්ගෙන් සහ සමාජ මාධ්‍ය ඔස්සේ තමන් වෙත තොරතුරු ලැබි ඇති බවද සභාපතිවරයාගේ ලිපියේ සදහන් කර ඇත.

පොදු මහජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාවයක් වල ප්‍රවාහන සේවාව සැපයිම සදහා පෞද්ගලික ආයෝජකයන් ලෙස ඉදිරිපත් වි කරන සේවාව සම්බන්ධයෙන් අගය කරන බවත්, රාජ්‍ය යාන්ත්‍රණය විධිමත් කිරිම තුලින් සමස්ත මහජනතාවට ගුණාත්මක සහ ප්‍රශස්ථ සේවායක් ලබා දිම සහ විනයගරුක පොහොසත් රටත් බිහි කිරිම රජයේ අරමුණ බවද එම ලිපියේ සදහන් කර ඇත.

බලපත්‍ර ලබාගැනිම, බලපත්‍ර දිර්ඝ කර ගැනිම, අංක සංශෝධනය, දත්ත සංශෝධනය වැනි බලපත්‍රවලට අදාල රාජකාරි ඉටු කර ගැනිමේදි ආයතනය වෙත ගෙවිය යුතු මුදලට අමතරව විශාල මුදලක් එම නිලධාරින් වෙත අල්ලස් වශයෙන් ලබාදෙන බවට තමන්ට වාර්තා වි ඇති බවද සභාපතිවරයා නිකුත් කර ඇති ලිපියේ සදහන් කර ඇත.

තවද මධ්‍යම පළාතේ පෞද්ගලික බස් නැවතුම්පොලවල් වල සේවය කරන නිලධාරින්ට සහ වේලා සටහන්කරුවන්ට මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය මගින් වැටුප් සහ දිමනා ලබාදෙන බවත්, එවැනි තත්ත්වයක් තිබෙන විට එම නිලධාරින්ට මෙසේ මුදල් ලබා දිම දුෂණ විරෝධි පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බවද ලිපියෙන් පෙන්වා දි ඇත.

හැටන් බස් නැවතුම්පොලේ සේවය කරන නිලධාරින් සහ වේලාසටහන්කරුවන් විසින් මෙසේ අල්ලස් සහ කප්පම් මුදල් ලබා ගන්නා බවට අවස්තා කිහිපයකදිම මාධ්‍ය මගින් හෙලිදරව් කර ඇත.

දුෂණ වංචා පිටු දැකිම නව රජයේ අරමුණ බැවින් ඒ සදහා සක්‍රිය දායකත්වය ලබාදෙන ලෙසද මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා මධ්‍යම පළාතේ ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසගෙන් ඉල්ලා සිටියි.

Related posts

තේ කර්මාන්ත ශාලා 26 ක් විනාශයි – පාඩුව කෝටියයි

Shiran Viraj

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය අද

Shiran Viraj

සමයං ගේ හැකියාව ගැන මහින්දගෙන් උපදේශයක්

Shiran Viraj
Translate »