28.4 C
Colombo
2026-09-08
mediahumanrights.lk
International NewsNews

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට හිස්බුල්ලා රොකට් ප්‍රහාර එල්ල වේ..

ඊශ්‍රායලයේ අගනුවර වන ටෙල්අවිවිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට රොකට් අවි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

හිස්බුල්ලා සංවිධානය විසින් එල්ල කරන ලද රොකට් ප්‍රහාර මාලාවකින් තානාපති කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ කොටසකටද හානි වී ඇත.

එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ එම ප්‍රහාර මාලාව හේතුවෙන් තානාපති කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ පහත මාලයේ කාර්යාල ගණනාවකට හානි වී ඇති බවයි.

අසල තිබූ බස් රථයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇත.

කෙසේ වෙතත් එම ප්‍රහාර මාලාවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයකුට තුවාල සිදුව නැති බවද තානාපතිවරයා පැවසීය.

ප‍්‍රහාර හේතුවෙන් ගොඩනැගිල්ලේ කොටසකට හානි සිදුවුවද එහි කටයුතු සාමාන්‍ය පරිදි ඊයේ දිනයද සිදු කර තිබේ.

Related posts

මාර්තු 2-6 අතර පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා : රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන

Shiran Viraj

රණවිරු පවුල්වලට සෞඛ්‍ය, බැංකු, රාජ්‍ය පරිපාලන සේවාවන්වලදී ප්‍රමුඛත්වය…

Shiran Viraj

නපුරු වුණත් හොඳ ළමයෙක් මං පාවෙලා වලාකුළේ ඔබ හමුවට ආ

Shiran Viraj
Translate »