mediahumanrights.lk
News Political

සජිත්ට විපක්‍ෂ නායකකමත් නැති කරමින් රනිල් පාර්ලිමේන්තුවට..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිස විපක්ෂ නායක ධුරයට පත්වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ සඳහා සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් වැඩි පිරිසකගේ සහාය හිමිවනු ඇති බවද සඳහන්ය.

සජිත් ප්‍රේමදාස මහතා සමග ජාතික ජන බලවේග රජයට සැලකිය යුතු මතවාදී අභියෝගයක් එල්ල කිරීමට නොහැකි වනු ඇති බවට එම මන්ත්‍රී කණ්ඩායමේ වැඩි පිරිසක් අදහස් කර ඇති බවද සදහන්ය.

එම තත්ත්වය මත රනිල් වික්‍රමසිංහ මහතාගේ විපක්ෂ නායකත්වය යටතේ කටයුතු කිරීමට ඔවුන් පිරිසක් තීරණය කර ඇති බවද දැනගන්නට ඇත.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුව සඳහා පත් කරන ලද මන්ත්‍රීවරයකු ඉල්ලා අස්වීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතාට එම පුරප්පාඩය සදහා පාර්ලිමේන්තු පිවිසීමට අවස්ථාව හිමිවෙයි.

Related posts

අනුරුද්ද පාදෙණිය GMOA සභාපති ධුරයෙන් ඉවතට..

Shiran Viraj

සාජන් මේජර්වරයා ලබා දුන් ප‍්‍රකාශ අනුව බස් රථයේ පුපුරා ගිය බෝම්බයේ පරීක්ෂණ නව දිශාවකට

Shiran Viraj

ඊශ‍්‍රායලය සමග රාජතාන්ත‍්‍රික සබදතා අතහරින්නැයි හකීම් රජයෙන් ඉල්ලයි…

Shiran Viraj