mediahumanrights.lk
Local News News

ලේ, මුත‍්‍රා පරීක්‍ෂණාගාරයකට නඩු..

මාතලේ මහ රෝහල ආසන්නයේ පුද්ගලික රෝහලක රසායනාගාරයක් තුළ තිබි කල් ඉකුත් වූ පරීක්ෂණ කටයුතු සඳහා භාවිතා කරන උපකරණ සහ රසායන ද්‍රව්‍ය තොගයක් හමු වූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

කල් ඉකුත් වූ රසායන ‍ද්‍රව්‍ය කල් ඉකුත් නොවූ රසායන ද්‍රව්‍ය සමග ‍ භාවිතා කිරීම සම්බන්ධව වැටලීම සිදුකර තිබේ.

එහිදී කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍ය හා උපකරණ පාරිභෝගික අධිකාරිය භාරයට ගෙන තිබේ.

ඒවා මාතලේ අධිකරණයට ඉදිරිපත් කර එම ආයතනයට විරුද්ධව නඩු පැවරීමට නියමිතයි.

රසායනාගාර වල භාවිත කරනු ලබන උපකරණ හා රසායන ද්‍රව්‍ය කල් ඉකුත්වීම සම්බන්ධව නිරන්තරව පරීක්ෂණ කටයුතු කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එම ආයතන වලට දැනුම් දෙයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සිදු කරනු ලබන වැටලීම් වලදී එවැනි ආයතන සම්බන්ධයෙන් ද පරීක්ෂා කිරීම් තවදුරටත් සිදු කිරීමට සැලසුම් කර තිබේ.

Related posts

මා අගමැති වූ පසු රෑ 12ට ඇවිත් පිරිසිදුදැයි බලනවා

Shiran Viraj

මහින්ද අගමැති කළ හැකි ආකාරය ගැන ඩිලාන් කියයි

Shiran Viraj

ඇමති ධූර ගන්න ඒකාබද්ධයේ අය සූදානම් – සන්ධානයේ මන්ත්‍රීවරු 95ම එක් වෙයි

Shiran Viraj