mediahumanrights.lk
News Political

අලුත් මන්ත‍්‍රී විපක්‍ෂ නායක පුටුව අල්ලාගනී.. දෙන්න බෑම කියයි.. නිළධාරියෙක් සමග වාදයක්..

අද පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ විපක්ෂ නායකවරයාගේ අසුනේ නවක මන්ත්‍රීවරයෙක් අසුන් ගැනීම හේතුවෙන් සංවාදයක් ඇතිවිය.

ඒ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල නිලධාරියෙකු හා ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රීවරයකු ලෙස යාපනය දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ ඒ. රාමනාදන් මහතා අතරයි.

එහිදී මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු ආරම්භක දිනයේ කැමති තැනක අසුන් ගන්නා ලෙස නිවේදනය කර තිබියදී අසුනින් ඉවත් වෙන්නැයි කීම අසාධාරණ බවයි.

පාර්ලිමේන්තු නිලධාරියා පෙන්වා දෙන්නේ එම අසුන විපක්ෂ නායකවරයාගේ අසුන නිසා වෙනත් අසුනකට යන ලෙසයි.

නමුත් මන්ත්‍රීවරයා දිගින් දිගටම එය ප්‍රතික්ෂේප කිරීම මත නිලධාරියා එම ස්ථානයෙන් ඉවත්ව ගියේය.

අද දිනයේ විපක්ෂ නායකවරයාද විපක්ෂ නායක අසුන නොව වෙනත් අසුනක අසුන් ගෙන සිටියේය.

Related posts

ඖෂධ ආනයනයට ඩොලර් හිගයි… චීනයෙන්, ඉන්දියාවෙන් ණයට ඖෂධ ඉල්ලයි…

Shiran Viraj

කිලිනොච්චියට තද වැසි : සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් හමුදාව මැදිහත් වෙයි

Shiran Viraj

එංගලන්තයෙන් ගෙන්වූ අපද්‍රව්‍ය බහාලූම් සියල්ල මසක් තුළ නැවත යවනවාලු

Shiran Viraj