27.8 C
Colombo
2026-09-28
mediahumanrights.lk
Local NewsNews

තැපැල් ඡන්ද ප‍්‍රතිඵල අමු බොරු…

තැපැල් ඡන්ද වැඩි වශයෙන් සිය ජනාධිපතිධූර අපේක්ෂකයන් වෙනුවෙන් ප්‍රකාශයට පත්කර ඇතිබවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ නීතීඥ රසාංග හරිස්චන්ද්‍ර මහතා පැවසීය.

එවැනි අසත්‍ය ප්‍රකාශ හමුවේ ඡන්ද දායකයින්ගේ නිවැරදි මතයට බලපෑම් එල්ලවිය හැකි බව පැවසීය.

තැපැල් ඡන්ද ගණන් කිරීම සිදුවනුයේ 21 වැනිදා පස්වරු 04.00 පසුවය.

එලෙස ගණන් කිරීමකින් තොරව කිසිසේත් එවැනි ප්‍රතිශත සඳහන් කල නොහැකිය.

එවැනි උපකල්පන වලට පැමිණීමට කිසිදු දේශපාලන පක්ශයකට සදාචාරාත්මක අයිතියක් නොමැති බව පැවසීය.

1988 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත අනුව එවැනි සාවද්‍ය මත ප්‍රකාශ කිරීම නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා බාධාවක් බව පැවසීය.

–  Reporter

Related posts

අධ්‍යාපන මොඩියුලයට අසභ්‍ය සබැඳියක් එක් කළ අයට දඬුවම් දීමට පැකිළෙන්නේ නැති බව අගමැතිනිය පවසයි

Shiran Viraj

වෙනිසියුලානු ජනාධිපති මදුරෝ ඇමෙරිකානු අත්අඩංගුවට පත්වෙයි: තෙල් සම්පත පිළිබඳව ට්‍රම්ප්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Shiran Viraj

ජනාධිපතිට ආරක්ෂාවත්, විනෝදාස්වාදයත් අවශ්‍යයි – ස.ජ.බ. මන්ත්‍රී මරික්කාර්

Shiran Viraj
Translate »