2026-09-07
mediahumanrights.lk
Local NewsNews

ජනාධිපතිවරණයට පාසැල් වසා දැමේ..

2024.09.21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ අංක EC/ADM/PRE/2024 සහිත 2024.09.09 දිනැති ලිපිය මගින් ඉල්ලා ඇති පරිදි දිවයිනේ සියලුම පාසල් 2024.09.20 දින වසා තැබෙන අතර 2024.09.23 දින පාසල් නැවත ආරම්භ කෙරෙන බව දන්වයි.

තවද ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් 2024.09.19 දින පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාවය පරිදි අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කළ යුතු ය.

ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස, පුටු සහ ශාලා පහසුකම් ලබා දීමට සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුම්වත් කර ඇත.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පහත සඳහන් පාසල් එම ලේඛනයේ සඳහන් පරිදි ඒ ඒ පාසලට අදාළ කාල වකවානුව තුළ පමණක් වසා දැමීමට කටයුතු කරන බවද වැඩිදුරටත් දන්වා සිටියි.

Related posts

චීනය නියමුවන් රහිත ප්‍රහාරක යානා නිෂ්පාදනය අරඹයි

Shiran Viraj

සිංගම් 3 චිත්‍රපටය face book live හරහා එළියට

Shiran Viraj

හොඳම වර්ධනය හා ඵලදායිතාව අතින් විග්නේශ්වරන් එකට එයි- පළමු රන්පදක්කම් 7ම උතුරට

Shiran Viraj
Translate »