mediahumanrights.lk
NewsPolitical

ජනාධිපති වී සියළුම විෂයන් මට පවර ගන්නවා.. නැතොත් අපි හතර දෙනාගෙන් කැබිනෙට්ටුව හදනවා..

ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයගෙන ආරම්භයේදීම වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන බව ජාතික ජන බලවේග ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඉන් අනතුරුව මහ මැතිවරණයක් පවත්වන තෙක් එම අන්තර් කාලය ව්‍යවස්ථානුකූලව රට පාලනය කරන බවද හෙතෙම කියා පැවසීය.

තමන් ජනාධිපති වූ පසු හිස්වන පාර්ලිමේන්තු ධූරයට තවත් මන්ත්‍රීවරයකු පත්වනු ඇති අතර ඔවුන් තුන්දෙනා සහ තමන් එක්ව සිව් දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පිහිටුවා එම කාලයේ රට පාලනය කළ හැකි බවද ඔහු පැවසුවේය.

තවත් ක්‍රමයක් ලෙස සියලුම විෂයන් ජනාධිපතිවරය යටතට පවරාගෙන එම අන්තර් කාලයේදී රට පවත්වාගෙන යා හැකි බවද ඔහු කියා සිටියේය.

එසේත් නැත්නම් භාරකාර ආණ්ඩුවක් අවශ්‍ය නම් එවැන්නක්ද පිහිටුවිය හැකි බවත් පැවසූ ඔහු එම ක්‍රම සියල්ල ව්‍යවස්ථානුකූල බවද පැවසුවේය.

ජාතික ජන බලවේගය විසින් පවත්වන ලද ජනරැුලියක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

විග්නේෂ්වරන්ට එරෙහිව 38 න් 21 ක් විශ්වාසභංගයක් භාර දෙයි

Shiran Viraj

නව ජාතික අපනයන ක්‍රමෝපායක් සකස් කරනවා

Shiran Viraj

ඉන්ධන ජාවාරම්කරුවන් ඇල්ලීමට හමුදා බුද්ධි අංශ යොදවයි; වැටලීම් දැඩි කරන බව ඛනිජ තෙල් සභාපති පවසයි

Shiran Viraj
Translate »