mediahumanrights.lk
NewsPolitical

පුද්ගලික අංශ සේවකයන්ගේ අවම වැටුප 25,000 කරනවා…

තමන් ජනාධිපති වී පිහිටුවන ආණ්ඩුවකදී පෞද්ගලික අංශ සේවකයන්ගේ අවම වැටුම රුපියල් 25000ක් දක්වා ඉහල දැමීමට කටයුතු කරන බව විපක්ෂ නායක ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් ඔහු කියා සිටියේ ඒ සඳහා වන නීති රෙගුලාසි සකසා සේවක අයිතිවාසිකම් සුරකින සේවක ප්‍රඥප්තියක් සකස් කරන බවයි.

රටේ ආර්ථිකය වර්ධනයට විශාල දායකත්වයක් ලබාදෙන පුද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට තම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ශක්තිමත් වැඩපිළිවෙළක් සකසා ඇතැයිද හෙතෙම කියා සිටියේය.

Related posts

මං රහතන් වහන්සේ නමක්.. ඕනෑම ජගතෙක් සිටීනම් එය නැතැයි ඔප්පු කරන්න..- පිටිදුවේ සිරිධම්ම හිමි

Shiran Viraj

කවුරු බලයට ආවත් හැදීමට නොහැකි රටක් යැයි සිතූ අයට රට හැදෙන බව දැන් පෙනෙන්නට ඇතැයි ඇමති සමන්ත විද්‍යාරත්න පවසයි

Shiran Viraj

ගමට කෝටියක් වැඩසටහනෙන් ව්‍යාපෘති 117ක්

Shiran Viraj
Translate »