2025-12-10
mediahumanrights.lk
NewsPolitical

රනිල්-අනුර සජීව විවාදයක්…

‘මා මිත්‍ර අනුර’ යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිතර නිතර අමතන්නේ ඉදිරි ආණ්ඩුවක් යටතේ ඇති දඬුවම්වලින් ෂේප් වීමට බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

නමුත් තමන් ඒවාට අහුවෙන්නේ නැති බවත් තම රජයක් යටතේ පළමුකොටම බැඳුම්කර වංචාවේ වරදකරුවන්ට දඬුවම් ලබා දෙන බවත් හෙතෙම පැවසුවේය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමන්ට කිහිප විටෙකදීම වේදිකාවන්හිදී ප්‍රශ්න කිහිපයක් යොමු කර ඇති බවද ඔහු පැවසූ ඔහු ඒවාට විටින් විට උත්තර දීමට සූදානම් නැති බවද සඳහන් කළේය.

ඒ වෙනුවට දෙදෙනා සමග සජීවී විවෘත විවාදයක් සඳහා ආරාධනා කරන බවද එවිට දෙනාටම ඇති ප්‍රශ්න දෙදෙනාටම විමසා දැන ගත හැකි බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

ජාතික ජන බලවේගය විසින් ආනමඩුවේදී පවත්වන ලද ජන රැලියකදී ඔහු මෙ අදහස් පල කරන ලදී.

Related posts

ජනපති හා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් අතර හමුවක්

Shiran Viraj

සෞඛ්‍ය අමාත්‍යංශ සේවකයෙකුට කොරෝනා.. ඔහු ඉහල බලධාරීන්ගේ කාර්යාල වෙත යන එන කෙනෙක්..

Shiran Viraj

පැය 7-8ක විදුලි කප්පාදුවක් එනවා.. රටම අදුරු යුගයකට..- විදුලි ඇමති

Shiran Viraj
Translate »