25 C
Colombo
2026-10-06
mediahumanrights.lk
NewsPolitical

මේක වෙනස් වුනොත් රජයේ සේවක වැටුප් වැඩි වෙන්නෑ…

එළැඹෙන ජනාධිපතිවරණයේදී රාජ්‍ය සේවකයන් සිය තැපැල් ඡන්දය භාවිත කිරීමේදී බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත්, වත්මන් රජයේ වැඩපිළිවෙළ යම් හෙයකින් වෙනස්වීමකට ලක්වුවහොත් ලබන වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට සියලුම රාජ්‍ය සේවකයන්ට හිමිවීමට නියමිත වැටුප් වැඩිවීම අහිමිවී යෑමේ පැහැදිලි අවදානමක් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අවධාරණය කළේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ, මල් පාරේ පිහිටි ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවක- දීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

”2022දී අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා අවස්ථාවේ තමන් රට ගොඩනංවන බවත්, ඒ වෙනුවෙන් ටික කලක් ඉවසීමෙන් සහාය දෙන ලෙසත් ජනාධිපති රනිල් වික්‍ර- මසිංහ මහතා සිදු කළ ප්‍රකාශය අද වන විට ක්‍රියාවෙන් පෙන්නුම් කර තිබෙනවා. පසුගිය වසර දෙකේ ජනාධි – පතිවරයා ගෙන ගිය ආර්ථක වැඩපිළිවෙළෙහි ප්‍රතිඵල රාජ්‍ය සේවකයන්ට ද දී තිබෙනවා.

මේ මස 04, 05 සහ 06 දිනවල මෙවර ජනාධිපතිවරණයේ පළමු වන අදියර වන රාජ්‍ය සේවකයන් සඳහා වූ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමි වෙනවා. රාජ්‍ය සේවයේ ලක්ෂ 14කට අධික පිරිසක් සිටිනවා. එයින් ලක්ෂ 7කට අධික පිරිසක් මෙවර තැපැල් ඡන්දය භාවිත කරනවා.

පසුගිය ඇමැති මණ්ඩල රැස්වීමේදී ඓතිහාසික තීන්දුවක් ගත්තා. ඒ මූලික වැටුප දෙගුණ කරමින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම සම්බන්ධව. ඒ අනුව ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට රාජ්‍ය සේවයේ වැටුප් වැඩි වෙන්නේ කෙසේද යන්න පිළිබඳ කැබිනට් මණ්ඩලයෙන් තීන්දුවක් ගෙන තිබෙනවා.

මමත් රාජ්‍ය සේවයේ වෘත්තිය සමිති නායකයෙක් ලෙස විශාල කාලයක් කටයුතු කර තිබෙනවා. නමුත් මෙතරම් විශාල ලෙස වැටුප් වැඩි කිරීමක් ඉතිහාසය කවරදාකවත් සිදු වුණේ නැති බව සඳහන් කළ යුතුයි. රාජ්‍ය සේවකයන්ගේ වැටුප්තල මෙලෙස ඉහළ නැංවීමට ලක් කර තියෙන්නේ ශ්‍රී ලංකාව දියුණු රාජ්‍යයක් ලෙස ගොඩ නැඟීමට අවශ්‍ය අඩිතාලම දැමීමටයි. ලබන වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ එක් එක් ශ්‍රේණිවල ආරම්භක වැටුප අදියර කිහිපයක් ඔස්සේ වැඩි කර තිබෙනවා.

– 

Related posts

මහින්දලගෙයි අපෙයි ඩිජිටල් ID වෙනස්.. එදා ඩේට හොරකං කරන්න පුළුවං.. අපි ගේන එකේ බෑ.. එදා අපි විරුද්ධ වුණේ ඒකයි..- නජිත් ඉන්දික..

Shiran Viraj

අන්තවාදී ක්‍රියා ගැන පොලිසියට ඔත්තු දුන් මුස්ලිම් පුද්ගලයෙක්ව ඝාතනය කරයි

Shiran Viraj

තෙල් හිඟයක් හා විදුලි කප්පාදුවක් අතේ දුරින්.. බැංකු පද්දතිය අවදානමේ.. විදෙස් බැඳුම්කර පොලිය 40% පනී..

Shiran Viraj
Translate »