25 C
Colombo
2026-02-21
mediahumanrights.lk
BusinessBusiness NewsNews

නාඩු සහ සම්බා සහල් තොග මිල පාලන මිල ඉක්මවා යයි…

සහල් මොල් හිමියන් දේශිය වෙලදපොලේ නාඩු සහ සම්බා සහල් තොග මිල පාලන මිලට වඩා වැඩි කිරිම හේතුවෙන් (31) දින සිට තමන්ට නාඩු සහ සම්බා සහල් පාලන මිලට විකිණිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බව හැටන් ප්‍රදේශයේ සහල් තොග සහ සිල්ලර වෙලෙදුන් පවසති.

වෙලදපොලේ නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල 220 ක් සහ සම්බා සහල් කිලෝවක උපරිම සිල්ලර මිල 230 ක් වශයෙන් අලෙවි කරන ලෙසට පාරිභෝගික සේවා අධිකාරිය මගින් මිල පාලනයක් කර තිබියදි සහල් මෝල් හිමියන් විසින් (30) දින සිට නාඩු සහල් කිලෝවක තොග මිල රු 230 දක්වාත්, සම්බා සහල් කිලෝවක තොග මිල රු 240 දක්වාත් රු 10 කින් ඉහල දැමිම හමුවේ තමන්ට රජයේ පාලන මිලට නාඩු සහ සම්බා සහල් අලෙවි කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවයි වෙලෙදුන් කියා සිටින්නේ.

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කිරිමේදි පාරිභෝගික සේවා අධිකාරිය විසින් වැටලිම් සිදු කර අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා විට අධිකරණය මගින් එම වෙලෙදුන්ට රු ලක්ෂයේ සිට ලක්ෂ පහ දක්වා දඩ මුදල් ගෙවිමට නියම කරන බවයි වෙලෙදුන් කියා සිටියේ.

සහල් මොල් හිමියන් සහල් තොග නිකුත් කිරිමේදි අදාල බිල්පතේ සහල් කිලෝවක මිල පාලන මිලට අඩුවෙන් බිල්පතේ සටහන් කර වැඩි කල මුදල වෙනත් ආකාරයෙන් තමන්ගෙන් අය කරගන්නා බවයි හැටන් ප්‍රදේශයේ සහල් තොග සහ සිල්ලර වෙලෙදුන් කියා සිටින්නේ.

පවත්නා තත්ත්වය මත නාඩු සහ සම්බා සහල් පාලන මිලට අලෙවි කිරිමට නොහැකි නිසා තමන් සහල් වෙලදාමෙන් ඉවත් වන බවත්, එම නිසා වෙලදපොලේ සහල් හිගයක් ඇති විමට ඉඩ ඇති බවයි වෙලෙදුන් වැඩිදුරටත් කියා සිටියේ.

– Reporter

Related posts

මාලිංගට එංගලන්තයෙන් ලක්ෂ 280 ක ලන්සුවක්

Shiran Viraj

ICCයෙන් දින 15ක පොදු සමා කාලයක්

Shiran Viraj

මාලිමා පොලිස් ඇමති මමයි කියා පොලිසිය මට මේ දිනවල හොදට සලකනවා..- ලාල් කාන්ත

Shiran Viraj
Translate »