30.6 C
Colombo
2026-08-05
mediahumanrights.lk
NewsPolitical

අනුර සමග එක්ව වැඩ කරන්න සූදානම්..- සුමන්තිරන්

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර දිසානායක යාපනයේදී සිදු කළ ප්‍රකාශය ජාතිවාදී ප්‍රකාශයක් නොවන්නේ යයි දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

අනුර දිසානායක මහතා සමග එක්ව මුළු රටම බලාපොරොත්තුවන වෙනස කිරීමට සූදානම් බවත් හෙතෙම පවසයි.

‘අනුර කුමාර දිසානායක සහෝදරයා දින්නොත් අපි ඒ වෙනසට කොටස් කරුවෙකු ලෙස අපි ඉන්නවා. අපි ඒකෙන් ඈත් වෙලා ඉන්නේ නෑ. එතුමා කීව දේ ජාතිවාදී ලෙස සලකන්න එපා. මං එයාව හොඳටම දන්නවා. එතුමා ඒ අදහසින් කීවේ නෑ කියලත් මම විශ්වාස කරනවා.

නමුත් මැතිවරණ කාලයේ දී මේවා වෙන්න පුළුවන්. නමුත් ඒ වෙනස වංචාවක් නැතිව අල්ලස් නැතිව තියන රටක්. ඒ වගේම හැම ජනතාවම ආණ්ඩු කිරීමට අත දාලා ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනස කරන්නට අපි නිතරම බැඳිලා ඉන්නවා.

අපි එතුමාත් එක්ක එතුමාගේ පක්ෂයත් එක්ක කොයි ආකාරයෙනුත් එකතු වෙලා කටයුතු කරන්න අපි සූදානම්’

Related posts

කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු නොකරන පුද්ගලයින්ට බ්‍රිතාන්‍යයට ඇතුල්වීම තහනම් : බ්‍රසීලයෙන් වාර්තාවන නව කොවිඩ් ප්‍රභේදය බ්‍රිතාන්‍යයටත්

Shiran Viraj

සජිත් Daily Mirror තහනම් කරයි..

Shiran Viraj

කොලඹ ජලයෙන් යටවිය හැකි ස්ථාන 22ක්…

Shiran Viraj
Translate »