30.6 C
Colombo
2026-09-09
mediahumanrights.lk
NewsPolitical

ජනාධිපතිවරණයේදි සජිත් 80%ක් ගන්නවා..

ජනාධිපතිවරණයේදි සමගි ජන බලවේගයේ නායක සහ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට නුවරඑලිය දිස්ත්‍රික්කයේ වතුකරයේ ජනතාවගේ 80% ජන්ද ප්‍රතිශතයක් ලැබෙන බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම එම්.උදයකුමාර් මහතා පැවසිය.

එම්.උදයකුමාර් මහතා ඒ බැව් කියා සිටියේ හැටන් ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදිය.

මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු එම්.උදයකුමාර් මහතා කියා සිටියේ වතු කම්කරුවන්ට බොරු පොරොන්දු ලබා දි මෙවර ජනාධිපතිවරණයේදි කිසිවෙකුටත් ජන්දය ලබාගත නොහැකි බවයි.

වත්මන් ජනාධිපතිවරයා විසින් විශාල ලෙස බොරු පොරොන්දු ලබා දි වතුකරයේ ජනතාවගේ ජන්දය ලබා ගැනිමට උත්සහ කරමින් සිටින බවත්, ඒ පිලිබදව වතුකරයේ ජන්ද දායකයන් දැඩි ලෙස විමසිල්ලෙන් පසුවන බවයි එම්.උදයකුමාර් මහතා කියා සිටියේ.

ජනාධිපතිවරණයේදි මත්පැන් බලපත්‍රවලට, මුදල සහ වරප්‍රසාද වලට ලොල් වි ඇතැම් මන්ත්‍රිවරුන් ජනාධිපතිවරයා සමග එක්වන බවත්, එම මන්ත්‍රිවරුන්ට සැලකිය යුතු තරම් ජන්ද ප්‍රතිශතයක් නොතිබෙන බවත්, එම මන්ත්‍රිවරුන්ට ඉදිරියේදි පැමිණෙන මහ මැතිවරණයේදි අන්ත පරාජයක් අත්වන බවයි එම්.උදයකුමාර් මහතා මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් කියා සිටියේ.

– Reporter

Related posts

තැපැල් ජන්ද අයදුම්පත් අද පස්වරු 4 ට පෙර බාරදිය යුතුයි- මැතිවරණ කොමිසම

Shiran Viraj

ජනපති රනිල් මහ රැජිනගේ අවමගුලට පිටත් වේ.. වාර්තාවක්ද තියයි…

Shiran Viraj

කෝලි-දික්වැල්ල ගැටෙද්දි චන්දිමාල් නිහඩව සිටි හේතුව හෙළි කරයි

Shiran Viraj
Translate »