29.5 C
Colombo
2026-08-21
mediahumanrights.lk
Local NewsNews

අත්‍යවශ්‍ය නැත්නම් පාස්පෝට් ගන්න එපා..- රජයෙන් නිවේදනයක්..

අත්‍යවශ්‍යම හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කරන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

එහි පාලක ජනරාල්වරයා විසින් මෙම ඉල්ලීම කරමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව මේ වන විට ඇති හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමට සිදුව ඇත.

නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර හඳුන්වා දීමට රජය විසින් පියවර ගෙන ඇති අතර, ඒ සඳහා ජාත්‍යන්තර මිල ගණන් කැඳවීම මගින් විදේශීය සමාගමකට විදේශ ගමන් බලපත්‍ර සැපයීම සඳහා ටෙන්ඩරයක් දැනටමත් ප්‍රදානය කර ඇත.

එසේ වුවද, දැනට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතු හිස් විදේශ ගමන් බලපත්‍ර තොග සීමිත වීම සැලකිල්ලට ගෙන ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර ඇණවුම් කළ සමාගමෙන්ම එම ඇණවුමෙහිම කොටසක් වශයෙන් සාමාන්‍ය ගිස් විදේශ ගමන් බලපත්‍ර 50,000 ක් සපයා ගැනීමට කටයුතු කර ඇත.

මෙම විදේශ ගමන් බලපත්‍ර තොගය ඔක්තොබර් මස අවසානයේ හෝ ඊට පෙර දිවයිනට ලභා වීමට නියමිතය.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව පසුගිය වසරේ නිකුත් කර ඇති විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාවෙන්, විදේශ ගත වී ඇති විදේශ ගමන් බලපත්‍රලාභීන් සංඛ්‍යාව 23% ක ප්‍රමාණයකි.

එබැවින් උක්ත හිස් විදේශ ගමන් බලපත්‍ර තොගය සපයා ගන්නා තෙක්, අත්‍යාවශ්‍යම හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කරන මෙන් මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී සිදුවන ප්‍රමාදය නිසා මහජනතාවට සිදුවන අපහසුතාවය සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කණගාටුව පළ කර සිටී.

පාලක ජනරාල්
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

Related posts

කොරරෝනා මෘතදේහ භූමදානයට UN පවා අනුමැතිය දීලයි තියෙන්නේ.. ආදාහනය විතරක් කරන්නේ චීනය විතරයි..

Shiran Viraj

ලන්ඩන් ගින්න ගැන බ්‍රිතාන්‍ය අගමැතිනියගේ අණින් පරීක්ෂණයක්

Shiran Viraj

ධීවරයන්ට මසුන් සිටින තැන් සොයා දෙන නව ජංගම දුරකථන යෙදුමක් පිළිබඳව මතභේදයක්

Shiran Viraj
Translate »