mediahumanrights.lk
Local NewsNews

ජනාධිපතිවරණයට තරග කරන්න සූදානම්.. ජනතාව වෙනුවෙන් සක්විති රජකම වුනත් ගන්නවා..

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට ආරාධනාවක් ලදොත් ජනතාව වෙනුවෙන් ඊට සූදානම් බව මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියෝ පවසති.

පක්ෂය ගන්නා තීරණයකට එකඟ බව ද උන්වහන්සේ සඳහන් කළහග

තමන් වහන්නේ රට වෙනුවෙන් ජනතාව සක්විති රජකම නාධිපතිකමට හෝ නොව ඕනෑම තැනකට යෑමට සුදානම් බවත් උන් වහන්සේ පවසති.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නැයි ජනතාවගෙන් දැනටමත් තමනට ඉල්ලීම් විශාල සංඛ්‍යාවක් ලැබී ඇතැයි ද සඳහන් පැවසූ හිමියන් ජනාධිපති අපේක්ෂකත්වය තනිව කෙරෙන කටයුත්තක් නොවන බවත් එය ලොකු කණ්ඩායමක් එක්ව තීරණය කළ යුතු කාරණයක් බවත් කීහ.

මේ රට පරම්පරා ගාණක් පාලනය කරන්නේ එකම කණ්ඩායමක් යයිද පැවැසූ ධම්මරතන නාහිමියෝ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතු බව ද අවධාරණය කරති.

Related posts

නාඩු සහ සම්බා සහල් තොග මිල පාලන මිල ඉක්මවා යයි…

Shiran Viraj

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට ඇප

Shiran Viraj

ලොව පුරා සෞඛ්‍ය සේවකයින් 90000 කට කොරෝනා වැළඳී ඇතැයි තක්සේරුවක්

Shiran Viraj
Translate »