28.8 C
Colombo
2026-10-30
mediahumanrights.lk
NewsPolitical

ජාතික ගැටලුවට විසඳුමක් දෙන්න මාලිමා ආණ්ඩුවෙන් අලුත් ව්‍යවස්ථාවක් ගේනවා..

මෙරට ජාතික ගැටලුවට තිරසාර විසඳුමක් ඇතුලත් කරමින් ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

ජාතික ගැටලුවට සම්බන්ධ සම්බන්ධයෙන් සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කර ඒ පිළිබඳව ප‍්‍රසිද්ධියට පත් කරන බවත් මෙතෙක් ඒ පිළිබඳව සාකච්ඡා ආරම්භ කර නැති බවත් හෙතෙම පැවසීය.

මෙරට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යල් පැන ගිය එකක් බවත් ජාතික ජන බලවේග රජයක් විසින් රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බවත් කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේය.

මේ අතර යාපනයේදි ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා හා දෙමළ සන්ධාන නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකදී ද ඔහු කියා සිටියේ ජාතික ප්‍රශ්නයට හා අනෙකුත් ප්‍රශ්න වලට තිරසාර විසඳුමක් ගෙන ඒම සම්බන්ධයෙන් සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර එකඟතාවයට පැමිණෙන බවය.

Related posts

සදුදා සිට රට පුරාම තෙල් නෑ.. අද එන්නේ ඊයේ ඔ්ඩර් කල තෙල්.. නව ඇණැවුම් නෑ.. – ෂෙඩ් සභාපති…

Shiran Viraj

අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 24ක් කරනවා.. රජයේ සේවක වැටුප් වැඩි කරනවා..

Shiran Viraj

කොළඹ වරායේ නව ලොජිස්ටික්ස් මධ්‍යස්ථානයක් සඳහා තරගකාරී ලංසු ක්‍රියාවලියක්

Shiran Viraj
Translate »