2026-11-17
mediahumanrights.lk
NewsPolitical

සජිත්ගේ හිතුමගේ කතාවෙන් SJB ගාලගෝට්ටියක්..

තම ආණ්ඩුවක් යටතේ 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශය මත එම පක්ෂය තුළ බරපතල මත ගැටුමක් ආරම්භ වී ඇති බව වාර්තා වේ.

ඒ සජිත් ප්‍රේමදාස මහතා එම ප්‍රකාශය කර ඇත්තේ පක්ෂයේ විධායක සභාව හෝ කෘත්‍යාධිකාරී මණ්ඩලය සමඟ සාකච්ඡාවෙන් තොරව වීම හේතුවෙනි.

පක්ෂ නායකයා සමග කඩිනමින් මේ පිළිබඳව සාකච්ඡා කිරීමටද ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සූදානම් වෙයි.

ඉකුත්දා කිලිනොච්චිය ප්‍රදේශයේදී සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තමන් කිසිවෙකුට බිය නැති බවත් තම ආණ්ඩුව යටතේ 13වෙනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බවත්ය.

Related posts

හැරී කේන් වසර 25කට පසු බැලෝන් ඩි ඕර් (Ballon d’Or) සම්මානය දිනූ පළමු ඉංග්‍රීසි ජාතික ක්‍රීඩකයා බවට පත්වෙයි

Shiran Viraj

කෝලිව විවේක ගැන්වීමට සැළසුම්

Shiran Viraj

සංස්ථාවේ ඉන්ධන තොග අවසන්..? එක තෙල් නැවක් ගෙන්න රටේම ඩොලර් නෑ… LC රිටන් වුනොත් තෙල්, ගෑස් කදුලක්වත් නෑ..

Shiran Viraj
Translate »