27.8 C
Colombo
2026-07-06
mediahumanrights.lk
Local NewsNews

පාසලේ පරිගණකය ඥාති පුතුට තෑගි දුන් විදුහල්පතිගේ වැඩ තහනම්..

තංගල්ල අධ්‍යාපන කලාපයේ පාසලක් සදහා රාජ්‍ය නොවන සංවිධානයක් ව්සින් නවතම ලැප්ටොප් පරිගණකයක් පරිත්‍යාග ලෙස ලබා දි ඇත.

පාසලේ ව්දුහල්පතිවරයා ව්සින් මෙම ලැප්ටොප් පරිගණකය තම නිවසට යාබද අනෙක් නිවසේ පදිංචිව ‍සිටින තම සොහොයුරා ගේ පුත්‍රයාට අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් වීම වෙනුවෙන් ත්‍යාගයක් ලෙස ලබා දි ඇත.

විදුහල්පතිවරයා ලැප්ටොප් පරිගණකය පිළිබද තොරතුරු පාසලේ ඉන්වෙන්ට්‍ර් පොතට ඇතුළත් කර නොමැති අතර පරිත්‍යාගයක් ලෙස ලැප්ටොප් පරිගණකය පාසල් ලොග් සටහන් පොතේ සටහනක් යොදා ඇත.

2022 වසරේ පාසලේ 6-11ශ්‍රේණි සිසුන් දෙදින චාරිකාවක යෙදි ඇත.මෙම චාරිකාව සදහා පාසලේ සිසුන් 41 දෙනෙකු සහභාගි වි ඇත.

සියලුම සිසුන් ගෙන් රුපියල් 3000 බැගින් මුදල් ලබා ගෙන ඇත.චාරිකාවේ අමතර ව්යදම් ලෙස ව්දුහල්පතිවරයා ව්සින් පාසල් සංවර් ධන සම්ති අරමුදලෙන් රුපියල් 100000 මුදලක් ලබාගෙන ඇත.

පාසල් සංවර් ධන සම්ති ව්‍යවස්ථාවේ චාරිකාවකට ලබාගත හැකි උපරිම මුදල රුපියල් 40000 ක් ලෙස සදහන්ව ඇති අතර කලාප අධ්‍යක්ෂවරයා ගේ ලිඛිත අවසරයක්ද නොමැතිව රුපියල් 100000 මුදල ලබාගෙන ඇත.

මෙම චෝදනා දෙක සම්බන්ධව විගණන විමසුම් පරික්ෂණයක් පවත්වා ඇත එහිදි ලැප්ටොප් පරිගණකය අස්ථානගත ගත කිරිම පිළිබඳ විදුහල්පතිවරයා වරඳ පිළිගෙන ඇත.

චාරිකාව සඳහා ලබා ගත් පාසල් සංවර් ධන සම්ති අරමුදල් රුපියල් 100000 මුදලින් රුපියල් 32780 ක මුදලක් වියදම් කල ආකාරය තහවුරු කිරිමට වවුචර් සහ බිල්පත් විදුහල්පතිවරයා විසින් ඉදිරිපත් කර ඇත.

ඉතිරි රුපියල් 67220 මුදල වවුචර් සහ බිල්පත් නොමැතිව අතින් විවිධ මුදල් ගෙවිම් ලෙස දක්වමින් චාරිකාවේ අයවැය වාර් තාව කෙටුම්පතක් ලෙස සකසා තිබෙන බව වාර් තා වෙයි.

මෙම චෝදනා දෙක සම්බන්ධව විගණන විමසුම් පරික්ෂණ කටයුතු අවසන් වන තෙක් මෙම පාසලේ විදුහල්පතිවරයා ගේ සේවය මැයි 13 සිට තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර් තා වෙයි

– චරිත් රණවක.

Related posts

මිරිහානේදී බස් ගිනි තැබූ කෙනා මෙන්න…

Shiran Viraj

අධ්‍යාපන මොඩියුලයට අසභ්‍ය සබැඳියක් එක් කළ අයට දඬුවම් දීමට පැකිළෙන්නේ නැති බව අගමැතිනිය පවසයි

Shiran Viraj

මැතිවරණය ගැන කැබිනට් මණ්ඩලයට විශේෂ සන්දේශයක්

Shiran Viraj
Translate »