24.9 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

O/L විභාගය අවසන් වූ වහාම උසස් පෙල අරඹයි.. මෙවර අසමතුන් නෑ…

සාමාන්‍ය පෙල ප්‍රතිපල නිකුත් වීමට පෙර උසස්පෙල පංති ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතිබව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එම යෝජනාව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

මේවන සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සදහා නව උසස් පෙළ පංති ආරම්භය ලබන මස 05 වැනිදා සිදුකිරීමට සැලසුම් කර තිබේ.

නව වැඩපිළිවෙළ සඳහා පළාත් ආණ්ඩුකාරවරුන්ගෙ ඇතුළු අධ්‍යාපන බලධාරීන්ගෙ එකඟත්වය මීට පෙර ලැබුනු බව එම අමාත්‍යංශය පවසයි.

සාමාන්‍ය පෙළ දක්වා පමණක් පංති පැවැත්වෙන පාසල් වල සිසුන් ආසන්නතම පාසල් වෙත උසස් පෙළ සඳහා යොමුකිරීමට නියමිතයි.

උසස් පෙළ පංති පැවැත්වෙන නමුත් යම් විෂය ධාරාවක් එම පාසලේ ඉගැන්වීම් නොවන්නේනම් අදාළ විෂය ධාරාව සහිත පාසලකට සිසුන් යොමුකිරීමට සැලසුම් කර තිබේ.

පසුගිය කොරෝනා සමයේ පාසල් වසා දැමීමෙන් අතපසු වූ ඉගැන්වීම් කටයුතු සහ පාසල් විභාග කටයුතු යතාවත් කිරීමේ වැඩපිළිවෙළ අනුව එය ක්‍රියාවට නංවන බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

ගැස්ට්‍රයිටිස් ගැන දැනගනිමු.

Shiran Viraj

තරගකාරීත්වය මැද ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් පාකිස්තාන සංචාරයට කැමති වෙයි

Shiran Viraj

ශ‍්‍රී ලංකාවට යනවානම් තෙල් ගහගෙන යන්න..- Bloomberg සියළු ගුවන් සේවාවන්ට දැනුම් දෙයි…

Shiran Viraj
Translate »