mediahumanrights.lk
Local News News

ගංගා රැසක් ඉහලට.. පහත් බිම් අවදානමේ..

පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ 04ක් මේවන විට වාන් දමමින් ඇතිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ වාරිමාර්ග ඉංජිනේරු එස්.පී.සී.සුගීශ්වර මහතා පැවසීය.

ඒ අනුව උඩවළව ,අංගමුව,රාජාංගනය සහ පොල්ගොල්ල ජලාශ එලෙස වාන්දමමින් ඇතිබව පැවසීය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය වන සියලු ජලාශ වල සමස්ත ජල ධාරිතාව මේවන විට 75% ඉක්මවා පවතියි.

මේ අතර මේවන විට අත්තනගලු ඔය දූන මලේ ප්‍රදේශයෙන් අවදානම් මට්ටමට ළඟාවී ඇතිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හෙතුවෙන් මේ පිළිබඳව අත්තනගලු ඔය දෙපස ජනතාව වඩාත් විමසිල්ලෙන් සිටීම ඉතා වැදගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයට හා ගිං ගගෙ ඉහළ පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන මහා වැසි හේතුවෙන් ගගෙහි ජල මට්ටම මේ වන විට ඉහළ යමින් ඇති බව ගාල්ල ගිංගඟ භාර වාරිමාර්ග ඉන්ජිනේරු කාර්‍යාලය පවසයි .

අද (19) පෙරවරු 09.00 වන විට ගිං ගගෙහි බද්දෙගම ජල මාපකයට අනුව ජල මට්ටම 02.18m දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විටත් ගාල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට වැසි ලැබෙමින් පවති.

Related posts

අත්යන්ත්‍ර සහ බතික් රෙදි ආනයනය තහනම්.. සියල්ල දේශීයව නිපදවයි..- ජනපති තීන්දු කරයි..

Shiran Viraj

රුපියල අදත් බාල්දුයි.. ඩොලරය තව උඩ යයි..

Shiran Viraj

ඉන්ධන මිල වැඩි කිරීම මමයි ඉස්සෙල්ලම කියන්නේ..

Shiran Viraj