28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

ශ්‍රී ලංකාවට පර්යේෂණ නැව් තහනම් කලේ අපේ උවමනාවටයි..- ශ‍්‍රී ලංකාවේ නව ඇමරිකා තානාපතිනි

ශ්‍රී ලංකාවට පර්යේෂණ නැව් පැමිනීම වසරකට තහනම් කර ඇත්තේ ඇමරිකාවේ වුවමනාවකට බවට කරුණු අනාවරනය වන බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (16) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් කරුණු මෙසේ අනාවරණය කලේය.

පර්යේෂණ නැව් තහනම ඇමෙරිකාවේ අවශ්‍යතාවයක් බව අනාගත තානාපතිනිය කියයි

ශ්‍රී ලංකාවේ මී ලඟ ඇමෙරිකානු තානාපති ලෙස නම් කර ඇති එලිසබත් හෝස්ට් තමන්ගේ තනතුර අනුමත කර ගැනීමට විදේශ කටයුතු සෙනෙට් කාරක සභාව ඉදිරියට පැමිණි අවස්ථාවේ කළ ප්‍රකාශයත් සෙනෙට් සභිකයින් මතු කළ ප්‍රශ්න වලට ලබා දුන් පිලිතුරුත් www.senate.gov වෙබ් අඩවියේ තිබෙනවා. එලිසබත් එම කාරක සභාව හමුවේ කළ ප්‍රකාශ අනුව ලංකාවට එන්නේ ලංකාව කියන ස්වාධීන රටේ දී ඇමෙරිකාව නියෝජනය කරන තානාපතිනිය විධියට නොවේ. ලංකාව කියන යටත් විජිතය ඇමෙරිකාවට අනුව පාලනය කරන්න එන ආණ්ඩුකාරවරියක් විධියටයි. ඒ නිසා එලිසබත් හෝස්ට් පර්සනා නන් ග්‍රාටා හෙවත් ආණ්ඩුව විසින් පිලිනොගන්නා තානාපති නිලධාරිනියක් ලෙස වහාම නම් කළ යුතුයි. අපි එහෙම කියන්නේ ඇයි?

එතුමිය සෙනෙට් සභාවට කියන විධියට පර්යේෂණ නැව් වලට ලංකාවට ඇතුළු වීම වසරකට තහනම් කලේ ඇමෙරිකාවේ උවමනාවටයි. ලංකාව පර්යේෂණ නැව් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණු විධියෙන් ඒ කතාව සනාථ වෙනවා. සියැන්ග් යැන්ග් හොන්ග් 3 කියන චීන පර්යේෂණ නැවට ලංකාවට එන්න අවසර දීලා ඇමෙරිකානු විරෝධය හමුවේ සියළුම පර්යේෂණ නැව් වලට ලංකාවට ඇතුළුවීම වසරක කාලයකට තහනම් කරලා චීන නැවට දුන්නු අවසරය වක්‍රව ඉවත් කළා. නමුත් ඒ තහනම තිබෙන අතරේ ඇමෙරිකාවේ පර්යේෂණ නැවකටත් ජර්මානු පර්යේෂණ නැවකටත් කොළඹ වරායට ඇතුළු වෙන්න අවසර දුන්නා. ඒ පිළිබඳ විදේශ අමාත්‍යාංශය කියන්නේ සැපයුම් ලබා ගැනීමට පමණයි ඒ නැව් වරායට ඇතුළු වුණේ. නමුත් චීන නැවට සැපයුම් ලබා ගැනීමටවත් අවසරය දුන්නේ නෑ. මෙයින් පැහැදිලි වෙන්නේ ඇමෙරිකාවට සතුරු රටවලට තහනම බල පෑවත් ඇමෙරිකාවටත් ඇමෙරිකාවට මිතුරු රටවලටත් මේ තහනම බලපාන්නේ නෑ කියන එකයි. කෙටියෙන්ම කිව්වොත් ලංකාවට ඇතුළු විය යුත්තේ මොන පර්යේෂණ නැව් ද කියන එක දැන් තීරණය කරන්නේ ඇමෙරිකාවයි. එහෙම නම් ශ්‍රී ලංකාව දැන් ස්වාධීන රටක් නොව අමරිකාවේ යටත් විජිතයක්.

පර්යේෂණ නැව් තහනම් නම් සියළුම රටවලට එක වගේ බලපාන්න ඕනි. ඇමෙරිකාවට ඕනෑ විධියට නම් අපේ විදේශ ප්‍රතිපත්තිය තීරණය වෙන්නේ අපි තවදුරටත් ස්වාධීන රටක් නොවේ. කොන්ද පණ නැති ඇමෙරිකානු ගැති මේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ වහාම විදේශ ඇමතිතුමා රටට ප්‍රකාශයක් කළ යුතුයි.

එලිසබත් හෝස්ට් විදේශ කටයුතු සෙනෙට් කාරක සභාව ඉදිරියේ කියනවා එයාගේ බලාපොරොත්තුව ජුලී චංග්ගේ අඩි පාරේ යෑමටයි කියලා. චුලී චංග් තමයි ගෝඨාභය ජනාධිපතිතුමාගේ කරට අත දාගෙන එක්ක ගෙන ගිහින් ගොඩ එන්න බැරි වලක දැම්මේ. එලිසබත් හෝස්ට්ව ලංකාවේ තානාපතිනිය ලෙස භාර ගත්තොත් ලංකාවට අබ සරණයි කියලා තමයි කියන්න වෙන්නේ.

– Midea unit

Related posts

ඉන්දියන් හමුදාව යලි උතුරට…?

Shiran Viraj

ක්‍රිකට් පිටියේ සුපිරි වාර්තාවක් ඇසිල්ලකින් අහිමිව ගිය හැටි මෙන්න

Shiran Viraj

කාලය ඉකුත් වු රථ වාහන දඩ පත්‍රිකා ගෙවීමට අද සිට සහන කාලයක්

Shiran Viraj