mediahumanrights.lk
Local News News

ලියාපදිංචි ඖෂධ හඳුනා ගන්න විශේෂ ස්ටිකරයක්..

ලියාපදිංචි ඖෂධ වල සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා විශේෂ ස්ටිකරයක් හඳුන්වා දෙන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.

ඊට අදාළ ඇනවුම මේවන විට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට දී තිබේ.

ඖෂධ සඳහා වියාජ ලියාපදිංචි සහතික නිකුත් කිරීම වැළැක්වීම එහි අරමුණ වී තිබේ.

ඒඅනුව ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිවන සෑම ඖෂධයක් සඳහාම විශේෂිිත ස්ටිකරයක් ලබාදීමට නියමිත බව පැවසීය.

මාසයක් ඇතුළත එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 10ක් මරුට

Shiran Viraj

‘කිනිහිරයේ පිපුන මල’ දේශීය කර්මාන්ත කරුවන් ඇමති විමල්ට උපහාර පුදයි…

Shiran Viraj

යුද හමුදා කාන්තා බළකා කඳවුරේදී මියගිය කෝප්‍රල්වරියගේ මරණය සැකයිලු

Shiran Viraj