mediahumanrights.lk
Local NewsNews

මොබිටෙල් ඩොලරයකින් කල දේට අලුත් සමාගම් ඩොලර් 18ක් ගනී..

මාර්ගගතව සහ පැමිණීමේ දී නිකුත් කරන සංචාරක විසා සැකසීම රජය විසින් විදේශීය සමාගම් තුනකට පවරනු ලැබුවත් ඒ වන විටත් මොබිටෙල් සමාගම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි ඉලෙක්ට්‍රොනික සංචාරක අවසර පද්ධතිය අර්ධ වශයෙන් වැඩි දියුණු කර තිබූ බවත් ඒ සඳහා කිසිඳු මුදලක් අයකර නොතිබූ බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ඉලෙක්ට්‍රොනික සංචාරක අවසර පද්ධතිය යටතේ මොබිටෙල් සමාගම විසින් එක් සංචාරක විසා අයැදුම් පත්‍රයක් සඳහා අය කරනු ලැබුවේ ඇමෙරිකානු ඩොලර් 1ක මුදලක් බවත් ජී. බී. එස්. ටෙක් නොලොජි සර්විසස්ල අයි. වී. එස්. ග්ලෝබල් සහ වී. එෆ්. එස්. වර්ල්ඩ් වයිඩ් හෝල්ඩින්ග්ස් සමාගම යන සමාගම් සමග රජය ඇති කර ගත් ගනුදෙනුව යටතේ සංචාරක විසා අයැදුම් පත්‍රයක් සඳහා ඩොලර් 18.5ක ගාස්තුවක් අය කරන බවත් එයට සේවා සහ පහසුකම් ගාස්තු ලෙස ඇමෙරිකානු ඩොලර් 5 ක මුදලක් ඇතුළත් කර තිබෙන බවත් ආරංචි මාර්ග පැවැසුවේය.

මොබිටල් සමාගමේ ඉලෙක්ට්‍රොනික සංචාරක අවසර පද්ධතිය වැඩි දියුණු කිරීම සඳහා 2021 වසරේ අගෝස්තු 24 වැනිදා කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලැබුණු බවත් එම තීරණය 2021 වසරේ සැප්තැම්බර් 21 දිනැති ලිපියක් මගින් සමාගමට දන්වා ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ලිපිය ලැබීමෙන් පසු පළමු වැඩි දියුණු කිරීම නොවැම්බර් මාසයෙන් පසුව සිදු කළ බවත් එම වැඩි දියුණු කිරීම මගින් අයැදුම් පත්‍ර පරිමාව කළමනා කරණය කිරීමට තිබූ සියලුම කාර්ය සාධන ගැටලු සහ සයිබර් ආරක්ෂණ බාධා මෙන්ම රජයට අයවිය යුතු ආදායම් නිසි කලට ලබා ගැනීම සඳහා නවතම ගෙවීම් ක්‍රම පද්ධතියට ඇතුළත් කිරීමේ අවශ්‍යතාව විසඳූ බවත් මොබිටෙල් සමාගම පසුගිය මාසයේ ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය වෙත යවන ලද ලිපියේ සඳහන් වන බවත් ආරංචි මාර්ග පැවැසුවේය.

– සන්ඩේ ටයිම්ස්

Related posts

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

Shiran Viraj

ෆොන්සේකා ලොකු තනතුරකටද..?

Shiran Viraj

පොල් පටවලා වගේ සෙනග දාගෙන යන සැප බස් රථවලට ගහන දඩේට එරෙහිව මගීන් පාරට බහී – Video

Shiran Viraj
Translate »