28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
News Political

මාලිමාව යටතේ නියම නීති පද්ධතියක්… ගමේ ප්‍රශ්න සරලව බේරාගන්න ක්‍රමයක්…

තම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වන්නේ ජනාධිපතිවරණය අභියස බව ජාතික ජන බලවේගයේ විධායක සභික නීතිඥ සුනිල් වටගල මහතා සඳහන් කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු ක්‍රියා සිටියේ අද ජාතික ජන බලවේගය ඉන්නා තැන දන්නා සතුරන් දැඩි ලෙස කලබල වී තිබෙන බවයි.

එනිසා තම පක්ෂය ප‍්‍රකාශයන්හි වචන විකෘති කරමින් සිටින බවද ඔහු කියා සිටියේය.

‘ජාතික ජන බලවේගය ලෙස අපි කල්පනා කරනවා මේ තිබෙන නීති රාමුව වෙනස් විය යුතුයි කියලා. එපමණක් නොවෙයි අපේ ආණ්ඩුක්‍රමයක් යටතේ අලු‍ත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකුත් සකස් කරනවා. අපි බලයට ආ විගසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට අපහසුයි. ඒ නිසා පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ටික දුරක් යා යුතු වෙනවා. ඒ යද්දී මේ නීති රාමුව ඇතුලේ ජනතාවට වාසි සහගත වන ක්‍රමයක් තිබේ නම් එය ජාතික ජන බලවේගය අනුගමනය කරනවා. ගමේ මිනිහාගේ ප්‍රශ්න සරලව බේරා ගන්න ක්‍රමයක් තිබෙනවා නම් ඒ ක්‍රමය අධ්‍යයනය කරලා ගමේ පුද්ගලයාට සාධාරණ ක්‍රමයක් අපි හදනවා. එය සිදුවිය යුතුයි. ලාල් කාන්ත සහෝදරයාගේ කතාවේ සමස්ත අර්ථය ගත්තා නම් එය ඉතා හොඳින් පැහැදිලි වෙනවා.

ජනතාවට යුක්තිය පසිඳලන්න පාලනයේ පහසුව තකා කොටස් කිහිපයකට බෙදාගෙන තිබෙනවා. ඉහළම එක ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, මහාධිකරණය, දිසා අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය ලෙස පහළට පද්ධතියක් විහිදී යන ආකාරයෙන් සැකසී තිබෙනවා. මහේස්ත්‍රාත් අධිකරණයට පහළින් ක්‍රියාත්මක වෙන අධිකරණයට සහාය දක්වන ඒකක කිහිපයක් තිබෙනවා.

උදාහරණයක් ලෙස ගොවිජන සේවා පනත, ක්‍රියාත්මක වෙන්නේ මහේස්ත්‍රාත් උස්වියකින් නොවේ. ගොවියාගේ ඇළවේල්ලේ ප්‍රශ්නය බේරා ගන්නේ ගමේ ගොවි සමිතියෙන්. එයට අදාළ බලය ගමේ ගොවි සමිතියට ලබාදී තිබෙනවා. සමූපකාර සම්බන්ධ ගැටලු‍වක් පැන නැගි අවස්ථාවක, තීරක ඡන්දයක් පවත්වා ඒ ගැටලු‍ව විසඳා ගන්න සමුපකාර පනත ඇතුලේ අවස්ථාව තිබෙනවා. ඒ වගේම සමථ මණ්ඩලය තුළිනුත් ගැටලු‍ විසඳාගැනීමේ අවස්ථා තිබෙනවා. අධිකරණයෙන් සමථ මණ්ඩලයේ සහතිකය ඉල්ලනවා.

සමහර ගැටලු‍ අධිකරණයෙන් මෙන්ම පොලිසියෙන්ද සමථ මණ්ඩලයට යොමු කරනවා. එහිදී සමථ මණ්ඩලයට “නිරවුල් නොකිරීමේ සහතිකයක්” නිකුත් කිරීමට බලය තිබෙනවා. සමථ මණ්ඩලයට යම් අධිකරණමය බලයක් තිබෙනවා. “බේරුම්කරණය” කියන්නෙත් එවැනිම ක්‍රියා මාර්ගයක්. මේ පහළ තිබෙන පොලිස්වල තත්වය තවදුරටත් දියුණු කරගැනීමට හැකියාව තිබෙනවා නම්, එයට කිසිවෙක් අකමැති වෙන්නේ නැහැ. අන්න ඒ අදහසින්, යම්කිසි ව්‍යුහයක් හදලා එයට බලය දෙන්න කියන එකයි ලාල් කාන්ත ප්‍රකාශ කරන්නේ. ජාතික ජන බලවේගයේ සාමජිකයන්ට බලය දෙන්න ගන්නා උත්සාහයක් ලෙස ප්‍රතිවාදීන් එය අර්ථ ගන්වන්න, බාල ගණයේ උත්සාහයන් ගනිමින් ඉන්නවා.

ජාතික ජන බලවේගය ඉන්නා තැන හැමෝම දන්නවා. සතුරන් දැඩි ලෙස කළබල වෙලා ඉන්නවා. ඒ කළබල වීම නිසාම අපේ වචන විකෘති කරමින් ඉන්නවා. සතුරාගේ මේ අවලාද අපි බැහැර කරනවා. ඒ වගේම ජාතික ජන බලවේගයේ නීතිඥයන් ලෙස, අපේ ක්‍රමයක් යටතේ නියම නීති පද්ධතියක් ගෙන එන්නේ කෙසේද, කියන කාරණාව අධ්‍යයනය කරමින් සිටිනවා. ජනාධිපතිවරණය අභියස අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වනවා. එම ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවා බලන්න කියන ඉල්ලීම කරනවා’

Related posts

මෛත්‍රී-පුටින් මිත්‍රත්වය නව කඩඉමක් වේවි!

Shiran Viraj

ඇයට තවත් සම්බන්ධතා තිබ්බා – යතුරු පැදියේ සීට් කවරය යට ජංගම දුරකතන දෙකක් තිබ්බා – මොණරාගලදී පෙම්වතියගේ ගෙල සිරකර මැරූ ඝාතකයා පොලිසියට වමාරයි

Shiran Viraj

කවුරු කිව්වත් සන්ධාන ගත වෙන්නේ නෑ (VIDEO)

Shiran Viraj