mediahumanrights.lk
News Political

පාර්ලිමේන්තුව විසුරුවයි..?

මෙම සතියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු නොකරන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තුව මෙම සතිය අවසානයේ විසුරුවා හරිනු ඇතිබවට විවිධ වාර්තා පළවෙමින් තිබේ.

එම බොහෝ වාර්තා වල දැක්වෙනුයේ 19 වැනිදා මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ඇතිබවයි.

එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ මෙතෙක් සාකච්ඡාවක් සිදුව නොමැති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග තහවුරු කරයි.

පසුගිය පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් සාකච්ඡා නොවීය.

පාර්ලිමේන්තුව ඉදිරි සතියේ රැස්වීමට අදාළ න්‍යාය පත්‍රය මේ වනවිට සකස් කර තිබේ.

ඒ අනුව ලබන 22 හදිසි පනත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආණ්ඩු පක්ෂයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් පැවසීය.

Related posts

සිම්බාවේ මුදල් ඒකක අතහරී.. රන් කාසි හදුන්වා දෙයි.. බැංකු පොලිය 200%ට උස්සයි..

Shiran Viraj

ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් 170%ක පොලී අනුපාතයකට ණය දීලා

Shiran Viraj

මහින්ද නිල නිවස රජයට බාර දී එලියට බහී..

Shiran Viraj