29 C
Colombo
2026-03-02
mediahumanrights.lk
NewsPolitical

මැතිවරණය ආසන ක්‍රමයට… යෝජනාව කැබිනට්ටුවට…

සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනස් කොට ආසන මට්ටමින් මන්ත්‍රීන් තෝරාගත හැකිවන පරිදි පවත්නා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාළ විශේෂ යෝජනාවක් අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අධිකරණ බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කරනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන විශේෂ කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කර ඇත්තේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 225 දෙනාගෙන් 160 දෙනකු අදාළ මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද දායකයන් විසින් ඍජුවම තෝරාපත් කරගත යුතු බවය. ඉතිරි මන්ත්‍රීන් 65 දෙනා සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව ජාතික හෝ පළාත් මට්ටමින් තෝරාගත යුතු බවත් එහි සඳහන්ය.

දැනට කලකට පෙර පක්ෂ නායකයන්ගේ මත විමසීමකින් අනතුරුව අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් මගින් ද මත විමසුමක් සිදු කරන ලදී. ඒ අනුව යට කී ලෙස ඡන්ද ක්‍රමය සංශෝධනයට කැමැත්ත පළ වී ඇති බැවින් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය අපේක්ෂා කරන වගත් අමාත්‍ය රාජපක්ෂගේ යෝජනාවෙහි වැඩිදුරටත් දැක්වෙයි.

දැනට ක්‍රියාත්මක වන සමානුපාතික ඡන්ද ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ප්‍රතිපත්තිවලට පටහැණි බවත් දිස්ත්‍රික් ඡන්ද ක්‍රමය නීතිවිරෝධී වත්කම් රැස්කිරීම් ඇතුළු දූෂණ ක්‍රියාවලට මහජන නියෝජිතයන් පොළඹන බවත් ආණ්ඩුවේ අදහස වන බැවින් පවත්නා ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට ආණ්ඩුව මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලබන වග දැනගන්නට තිබේ.

– Deshaya

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් වැටුණු වලෙන් ගොඩට එන්න ජනතාවගෙන් සහය ඉල්ලයි

Shiran Viraj

මම ඒ ගැන මතක් කර­න­වා­ටත් අකැ­මැ­තියි මුළු ඇඟම හිරි වැටෙ­නවා ප්‍රවීණ රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස්

Shiran Viraj

ඉන්දීය ධීවරයින් 345 ක් අත්අඩංගුවට…

Shiran Viraj
Translate »