28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

විදුලි කප්පාදු වූවන්ට සහන රැසක්…

කර්මාන්ත ශේත්‍රයට සහ සමාජයට ඇතිවී තිබෙන පීඩනය සමනය කිරීම සඳහා වාරික පදනමෙන් හිඟ විදුලි ගාස්තු ගෙවීමේ සහන පදනම මත මූලික අවස්ථාවේදී හිග ගාස්තුවෙන් 50% පමණක් අයකර ගනිමින් නැවත විදුලි සම්බන්ධතා ලබාදීමට කටයුතු කළයුතු බවට නිර්දේශ නිකුත් කල බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.

විදුලි බිල ඉහළ යාම හමුවේ දිවයින පුරා මේවනවිට විදුලිය විසන්ධි කිරීම් ලක්ෂ 10 ඉක්මවා තිබේ.

කර්මාන්ත ශේත්‍රයට සහ සමාජයට ඇතිවි තිබෙන පීඩනය සමනය කිරීම සඳහා වාරිකය පදනමෙන් එලෙස හිඟ මුදල් ගෙවීමට අවස්ථාව සලසා දෙන ලෙසට මහජන උපයෝගීතා කොමිෂන් සභාවට නිර්දේශ නිකුත් කර තිබේ.

ස්ථාවර විදුලි සබඳතා ලබා ගැනීමේදී ගෙවීමට සිදුවන ඉහළ ගාස්තු හේතුවෙන් ශුද්‍ර ,සුළු සහ මූල්‍ය කර්මාන්ත ආරම්භ කිරීමට යොමුවන නව විවසායකයින් අධෛර්යයට ලක්වීම වැළැක්වීම සඳහා සසම්බන්ධතා ලබා ගැනීමේ ගාස්තුව ද වාරික වශයෙන් ගෙවීමට පාරිභෝගිකයාට ඉඩ සලසන ලෙස එහිදී නියෝග කර තිබේ.

නව සම්බන්ධතා ගාස්තුව සමාලෝචනය කර එය උපරිමයකින් අඩුකිරීමට කටයුතු කරන ලෙස ද නියෝග කර බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වැඩිදුරටත් පවසයි.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

වැසි අඩු වුනත් නැවතිල්ලක් නැහැ

Shiran Viraj

කටුනායක කලාපේ මහා ජන රාශියක්.. දහස් ගාණක් එකතැන පොදිකති.. බස් යොදා ගෙදර යවයි…

Shiran Viraj

හූ හඬ මැද පැන දුවන සජිත්ට අලි ලොක්කා කොචොක් කරයි…

Shiran Viraj