2026-09-15
mediahumanrights.lk
NewsPolitical

මාලිමා ආණ්ඩුවෙන් විදුලි ගාස්තු 37%කින් අඩු කරනවා..

ජාතික ජනබලවේගයේ පාලනයක් යටතේ විදුලි ගාස්තුව සියයට තිස් හතකින් අඩු කළ හැකි බව එම පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

තම පක්ෂයෙන් නියෝජිතයන් විසින් මේ බව මහජන උපයෝගීතා කොමිසම විසින් කැඳවා තිබූ මහජන අදහස් විමසීමේදී සදහා පැහැදිලිව සඳහන් කළ බවද හෙතෙම පැවසීය.

ජනතාව විමුක්ති පෙරමුණ මූලස්ථානය පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

‘ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ කර්මාන්තකරුවන්ටත්, මහජනතාවටත් ආර්ථිකයේ කොටස්කරුවන් ලෙස ක්‍රියා කිරීමේ සියලුම ඉඩකඩ ලබාදෙනවා.

විදුලි බල මණ්ඩලයම ඉදිරිපත් කළ ගිණුම්වල තිබෙන වංචනික සහ වැරදි ක්‍රියාකාරකම්වල දත්ත තමයි අපි කොමිසම හමුවේ ඉදිරිපත් කළේ.

37%කට ආසන්න ප්‍රමාණයකින් විදුලි බිල අඩුකර මණ්ඩලයට පාඩු නොවෙන ලෙස පවත්වාගෙන යා හැකි බව අපි පැහැදිලි කර දුන්නේ ඒ අනුවයි.

පුනරින්වල සූර්ය බල විදුලි උත්පාදනයෙන් ඒකකයක් මිලදී ගන්න සූදානම් වෙන්නේ රුපියල් 52 බැගින්.

නමුත් ගල් අඟුරුවලින් නිෂ්පාදනය කරන විදුලි ඒකකයකට වැය වන්නේ රුපියල් 22යි. මේ මණ්ඩලය තුළ ගෙනයන ක්‍රියාමාර්ගවලින් සහන ලබාදෙන්න ආණ්ඩුව සූදානම් නැති බව එයින්ම පැහැදිලි වෙනවා’

Related posts

ශ‍්‍රී ලංකාව අසලදී විදෙස් නැවක් ගිනි ගනියි – නාවික හමුදාව ගින්න නිවයි

Shiran Viraj

ශ‍්‍රී ලංකාව පරදා එංගලන්තය ජයගනී…

Shiran Viraj

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට සවස 6 සිට ඇඳිරි නීතිය

Shiran Viraj
Translate »