26.7 C
Colombo
2026-08-21
mediahumanrights.lk
Local NewsNews

DAT වැටුපට නොදෙයි.. වෙන ක‍්‍රමයකට ගෙවයි.. වෛද්‍ය වර්ජනය අත්හිටුවයි..

හෙට අළුයම සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රට පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අඛණ්ඩ වැඩි වර්ජනය අත්හිටුවා තිබේ.

වෛද්‍යවරුන්ගේ DAT දීමනාව ජනවාරි මස වැටුප සමග ගෙවීම තාවකාලිකව අත්විටුවමින් නිකුත් කළ ලිපිය අවලංගු කිරි කිරීමට සෞඛ්‍යා අමාත්‍යංශය කටයුතු කිරීමත් සමඟ මෙම තීරණය ගෙන තිබේ.

කෙසේ වෙතත් ජනවාරි මාස සඳහා අදාල දීමනාව වැටුප සමඟ නොව විශේෂ වවුචරයක් මගින් ගෙවන ලෙස ආයතන ප්‍රධාන වෙත දැනුම් දී ඇති බවද සංගමය සඳහන් කළේය.

******

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීම

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් වෛද්‍යවරුන්ගේ DAT දීමනාව ජනවාරි මස වැටුප සමග ගෙවීම තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කළ ලිපිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරමින් සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ලිඛිත දැනුම් දීමක් මීට ස්වල්ප වේලාවකට පෙර නිකුත් කරන ලදි.

එමෙන්ම ජනවාරි මාසය සඳහා සාමාන්‍ය වැටුප් ලේඛනය මගින් DAT දීමනාව නොලැබෙන වෛද්‍යවරුන් සඳහා අදාළ දීමනාව විශේෂ වවුචරයක් මගින් ගෙවන ලෙස ආයතන ප්‍රධානීන් වෙත නියෝග කර ඇත.

ඒ අනුව හෙට දින උදෑසන අටේ සිට ආරම්භවීමට නියමිතව තිබූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත් කළ දීප ව්‍යාප්ත වැඩ වර්ජන ක්‍රියාමාර්ගය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට විධායක සභාව විසින් ඒකමතිකව තීරණය කරන ලදී.

මුදල් අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ අත්තනෝමතික හැසිරීම පරාජයට පත් කරමින් වෛද්‍යවරුන්ට ලැබිය යුතු සාධාරණය ඉටු කිරීමට මැදිහත් වූ ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ට කෘතඥතාවය පළ කරමු.

ස්තුතියි
ලේකම්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Related posts

ජනතා නින්දා අපහාස මැද ජනපති විසඳුමකට යයි

Shiran Viraj

නව වසර උදාවත් සමඟ නවගමුව, මරදන්කේණි සහ අගලවත්ත ප්‍රදේශවලින් ඝාතන සිද්ධීන් වාර්තා වෙයි

Shiran Viraj

විදුලිය 30%කින් බස්සනනවා.. ඉන්ධනත් බස්සනවා.. පොඩි කාලයක් දෙන්න..- ජනපති

Shiran Viraj
Translate »