27 C
Colombo
2024-07-05
mediahumanrights.lk
News Political

මගේ ආණ්ඩුවෙන් වෙන IMF ගිවිසුමක් ගහනවා.. මේක බෑ..- සජිත් IMFට දන්වයි..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂි හමුවක් අද (18) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය.

ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් Mr Peter Breuer (Senior Mission Chief), Ms Sarwat Jahan (Resident Representative), Manavee Abeyawickrama (Local Economist) පැමිණ සිටියේය.

එහි දි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හට කියා සිටියේ වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග යැයි පවසමින් ජනතාවට විශාල බදු බරක් ලබා දෙමින් වැට් බදු ඇතුළු බදු වර්ග රැසක් අධික ලෙස වැඩි කර ඇති බවයි. මේ නිසා සාමාන්‍ය ජනතාව, ගර්භනී මාතාවන්, දරුවන්, මධ්‍යම පාන්තිකයන්, රාජ්‍ය සේවකයන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට අයත් පුද්ගලයන් අසරණ වී ඇති බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී සාක්ෂි, සාධක සහ දත්ත සහිතව පෙන්වා දුන්නේය.

එබැවින් සමගි ජන බලවේග රජයක් යටතේ, වත්මන් රජය IMF එක සමග ඇති කර ගත් ඒකපාර්ශ්වීය ගිවිසුම සංශෝධනය කර පොදුජනතාවට වැදගත්, ජනතාවාදී ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් සමගි ජන බලවේගය සතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

එසේම වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්ති නිසා අසරණ වී ඇති ජනතාව එම අසරණ භාවයෙන් මුදවා ගැනීමටත් පවතින බංකොලොත්භාවයෙන් රට ගොඩ ගෙන දුකට, අසරණභාවයට පත් ජනතාව ඉන් මුදවා ගැනීමට සමගි ජන බලවේගය විපක්ෂයේ සිට කටයුතු කරනවා සේ ආණ්ඩු බලය ලැබුණු විගස කටයුතු කිරීමට ද විධිමත් සැලසුමක් මේ වනවිටත් පවතින බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම්, සුජීව සේනසිංහ, ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙන්ම විපක්ෂ නායකවරයාගේ ලේකම් තිසත් විජේගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

– Media unit

Related posts

පෙට්ට්‍රල් 19කින්, ඩීසල් 52කින් මිල වැඩි කල යුතුයි.. නැතොත් ඉන්ධන ගේන්න සල්ලි නෑ..- ගම්මන්පිල..

Shiran Viraj

පාර්ලිමේන්තුව විසුරුවන්නේ යයි කොටස් වෙලදපල දැවැන්ත කඩා වැටීමක…

Shiran Viraj

ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු නිදහස් කර ගැනීමට පොලිසියට අල්ලස් දීලා

Shiran Viraj