mediahumanrights.lk
News Political

වරාය චාරිකාව ගැන මං සතුටින්.. බලාපොරොත්තු හොඳටම ඉෂ්‍ට වුනා..

මන්ත්‍රීවරු පිරිසක් වරාය අධීක්‍ෂණ චාරිකාවක නිරත වූයේ එහි සංවර්ධන කටයුතු හා සීමාවන් දැනගැනීමට බව ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

කටුනායක හා මත්ත ගුවන්තොටුපොල, කොළඹ වරාය, හම්බන්තොට වරාය, ත්‍රිකුණාමල වරාය ආදි ස්ථානයන්හි නිරීක්ෂණ චාරිකා සිදු කිරීමට අවස්ථාව සලසා දෙන දෙසා අයවැය විවාදය අතරතුරදී කළ ඉල්ලීමක් අනුව මෙම සංචාරය සූදානම් වූ බවද හෙතෙම පැවසීය.

මෙම චාරිකාව සඳහා ආණ්ඩු පක්ෂය පමණක් නොව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටද ආරාධනා කර තිබූ බවත් ඔහු සඳහන් කළේය.

නැවක් ලෙස පැවසූවද සත්‍ය වශයෙන්ම එය නැවක් නොවන බවත් එය වැලිගොඩ දැමීමට භාවිතා කරන යන්ත්‍රයක් බවද පැවසූ ඔහු කෙසේ වෙතත් මෙම චාරිකාවේදී තම බලාපොරොත්තු හොඳටම ඉෂ්ට වූ බවත් වරාය ගැන හොඳ අධ්‍යනයක් ලැබුනු බවත් පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

Related posts

IDH රෝහලේ සිටි තවත් ආසාදිතයෙක් දැඩි සත්කාර ඒකකයට

Shiran Viraj

මැතිවරණ සමයේ කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය ගැන පොතක්

Shiran Viraj

කොළඹ කෙසෙල්වත්තෙන් කොරෝනා ආසාදිතයන් 57ක් හමුවේ…

Shiran Viraj