2026-08-18
mediahumanrights.lk
BusinessBusiness NewsNews

බැංකු පොලිය පහලට.. ගත් ණය පොලියත් පහලට..

ප්‍රතිපත්ති පොලී අනුපාතික දිගින් දිගටම පහත දැමීමේ තීරණයක් ගෙන තිබෙන නිසා බැංකුවලින් ලබාගෙන තිබෙන ණය සඳහා අය කරන පොළී ද වහාම අඩු විය යුතු බව මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංග මහතා සඳහන් කරයි.

එසේ පොලි අනුපාත පහත නොදමන ආයතනවලින් මහ බැංකුව දැනටමත් නිදහසට කරුණු විමසා ඇති බවද හෙතෙම පැවසීය.

එසේම ඉදිරියේදී ලබාගන්නා ණය පහසුකම් වලට පමණක් නොව ලබාගෙන ඇති ණය පහසුකම් වලටද අදාළ පොලි අනුපාත අඩුකරන ලෙස බැංකුවලට දැනුම් දී ඇති බවත් හෙතෙම කියා සිටියේය.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Related posts

වනෝද්‍යාන භූමි ආරක්ෂාවට විශේෂඥයින්ගේ සහාය

Shiran Viraj

මධ්‍යම පළාතේ ආපදා සහන සහ අපද්‍රව්‍ය කළමනාකරණයට ජපානයෙන් ඩොලර් මිලියන 1.33ක ආධාර

Shiran Viraj

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් වෙන හැටි ශ්‍රීල.නි.ප.ය කියයි

Shiran Viraj
Translate »