29.5 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

දුරකතනයට ඊමේල්වලට වහා පිලිතුරු දෙන්න.. ඇගට ගොඩවෙන්න බෑ..- රාජ්‍ය සේවකයන්ට නව චක‍්‍රලේඛය මෙන්න…

රජයේ සේවකයන් වෙනුවෙන් නව චක්‍රෙල්ඛයක් නිකුත් කර තිබේ

මෙම චක්‍රෙල්ඛයට අනුව කාර්යාලගතව සේවය කරන රජයේ සේවකයන් උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා කාර්යාලවල රැඳී සිටිමින් සිය රාජකාරි කටයුතු කිරීම අනිවාර්ය කර තිබේ.

එම චක්‍රලේඛයට අනුව පස්වරු 3.00 දක්වා රජයේ කාර්යාල මුදල් ගනුදෙනු සඳහා විවෘතව තැබිය යුතු අතර මහජනතාවට සේවය සැපයීමේදී ගැටලු ඇතිනොවන සේ ආචාරශීලීව කටයුතු කළ බව ද සඳහන් වේ.

ඊට අමතරව රාජකාරි කාලය තුළදී සිය කාර්යාල හැඳුනුම්පත පැළඳ සිටීම හා නිල ඇඳුම් දීමනා ලබන සියලුම රාජ්‍ය නිලධරයන් සිය නිල ඇඳුමින් සැරසී පැමිණිය යුතුයි.

මහජන දිනය ලෙස වෙන් කර ඇති සඳුදා දිනය තුළ සෑම රාජ්‍ය ආයතනයකම පහළ මට්ටමේ නිලධාරියාගේ සිට අමාත්‍යාංශ ලේකම්වරයා දක්වා වූ සෑම තරාතිරමකම නිලධාරීන් කාර්යාලයේ රැඳීසිටීම අත්‍යවශ්‍ය බවද අදාළ චක්‍රලේඛයේ සඳහන් වේ.

එදිනට අසනීප හෝ නොවැළැක්විය හැකි කරුණක් වෙනුවෙන් හැර වෙනත් අවශ්‍යතා සඳහා නිවාඩු අනුමත නොකිරීමට ආයතන ප්‍රධානියා වගබලා ගත යුතු වේ.

මෙදිනට වෙනත් රැස්වීම් වැඩමුළු හා උත්සව ආදිය සංවිධානය නොකළ යුතු බව ද ඒවා සඳහා සහභාගි වීමට ද කාර්යාලයෙන් බැහැරව නොයා යුතු බව ද දක්වා තිබේ.

රජයේ නිලධාරීන් සේවයට පැමිණීමේදි රාජ්‍ය සේවයේ ගරුත්වය රැකෙන පරිදි සුදුසු සංවරශීලි ඇඳුමකින් සැරසී පැමිණිය යුතු බව ද මෙම චක්‍රෙල්ඛයේ වැඩිදුරටත් සඳහන් වේ.

– Media unit

Related posts

රතිඤ්ඤා කරලක් කටේ තියාගත්ත විදේශිකයා රෝහලට

Shiran Viraj

දෛනික ව්‍යායාමයන් නතර කිරීමෙන් "ඩිප්‍රෙෂන්" තත්ත්වය නරක අතට

Shiran Viraj

වෛද්‍යවරු යළිත් වර්ජනයකට සැරසෙයි – සයිටම් විසදුම් යෝජනාවේ කරුණු වෙනස් කළ බවට චෝදනා

Shiran Viraj
Translate »