mediahumanrights.lk
Local NewsNews

ගවයින් 08ක් මරාගෙන බස්රථය වෑන්රථයක හැපේ.. කාන්තාවක් මරුට.. 08 කට බරපතලයි..

යාපනය මහනුවර එ්- 09 ප්‍රධාන මාර්ගයේ  කිලිනොච්චිය, අලිමංකඩ, උමයාල්පුරම් ප්‍රදේශයේදී ලංගම බස්රථයක් වෑන් රථයක මුහුණට මුහණ ගැටී අද (24) සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් අටදෙනකු බරපතල තුවාල ලබා රෝහල්ගත කල බවට කිලිනොච්චිය පොලිසිය පවසයි.

යාපනය සිට මහනුවර බලා ධාවනය වු  ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් හා කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොස් නැවත යාපනය වෙත ගමන්ගත් වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.

ඒහිදී ලංගම බස් රථය අධික වේගයකින් ධාවනය වී වෙගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ නිදා සිටි ගවයින් රංචුවක ගැටීමෙන් පසුව ඉදිරියෙන් පැමිණි වෑන් රථයේ මුහුණට මුහුණ ගැටී අ‍ැති අතර බස්රථයේ ගැටුනු ගවයින් 08 දෙනකුද ජීවිතක්ෂයට පත්ව අ‍ැත.

අනතුරින් මිය ගොස් ඇත්තේ 50 හැවිරිදි  යාපනයේ පදිංචි  කතිරිනා තිරුචෙල්වම් නැමති කාන්තාවක් වන අතර අනතුරින් බරපතල තුවාල ලැබූවන් මේ වන විට කිලිනොච්චිය මහරෝහලේ දැඩිසත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටිති.

බස්රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රියධාවනය අනතුරට හේතුව බවට පොලීසිය සැකපල කරන අතර අනතුර සමබන්ධයෙන් වැඩිදුර පරික්ෂන සිදුකරන බවටද කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

මහ වැස්සෙන් විදුලිබලේටත් දැඩි හානි – ලක්ෂ දෙකක් අඳුරේ

Shiran Viraj

නින්දෙදි නහය දිගේ කැරපොත්තෙක් මොළේට ගිහින්

Shiran Viraj

අනතුරු අඩු කරන්න බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට කියාදෙයි…

Shiran Viraj
Translate »