30.6 C
Colombo
2026-09-09
mediahumanrights.lk
Local NewsNews

ලක්‍ෂ 50කට විදුලි රතු බිල්.. මුළු පාරිභෝගික ගණන ලක්‍ෂ 70යි..

විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් පසු විදුලි පරිභෝගිකයන් ලක්ෂ පනහකට ආසන්න පිරිසකට රතු නිවේදන නිකුත් කිරීමට සිදුව ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය ඉංජිනේරුවන් හෙළි කරන්නේ මෙරට සමස්ථ විදුලි පාරිභෝගිකයන් ප්‍රමාණය ලක්ෂ හැත්තෑ එකක් බවයි.

මෙතෙක් මාස දෙකක් හෝ බිල්පත් නොපියවා යම් කාල සීමාවක් යනතුරුම රතු බිල්පත් නිකුත් කිරීමක් සිදු නොවීය.

නමුත් මහා භාණ්ඩාගාරයෙන් විදුලිබල මණ්ඩලයේ කටයුතුවලට මුදල් පූර්ණයෙන් නොකිරීම නිසා මන්ඩලය ආදායම් එක්රැස් කරගැනීමට ලැබී ඇති උපදෙස් පරිදි මාසයක් තුළ බිල නොගෙවන අයටද රතු නිවේදන යවමින් සිටියි.

එමෙන්ම සෑම මසකම ලක්ෂ දෙකකට වඩා වැඩි පිරිසකගේ විදුලි සැපයුම විසන්ධි කිරීමට සිදුව ඇති බව වාර්තා වෙයි.

Related posts

කඳුලැස්‌ස සහ සහිඳලුනුවලින් සුදු කබරවලට ආලේපයක්‌

Shiran Viraj

හඳුනාගත් සිසුන් වෙනුවෙන් සරසවි යන්න අවස්ථා 04 ක්

Shiran Viraj

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Shiran Viraj
Translate »