mediahumanrights.lk
Local NewsNews

මද‍්‍රසා පාසලක හිංසන වැඩිවී සිසුවෙක් පාසල් වැසිකිලියේ සියදිවි නසා ගනී.

මඩකලපුව සයින්දමරුදු ප්‍රදේශයේ මද‍්‍රසා පාසලක ඉගෙනුම ලැබූ සිසුවකු එහි වැසිකිළිය තුළ සියදිවි නසාගෙන තිබේ.

සිසුවා එම පාසලේ දී විවිධ බලපෑම්වලට හා හිංසනවලට ලක් වූ බවට චෝදනා එල්ල වන අතර මරණය හේතුවෙන් එම පාසලේ පරිපාලකයවරයා වන මවුලෙවිවරයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පාසලේ ඉගැන්වීම් කටයුතු කරන මවිලවිවරුන් ඇතුළු ආචාර්යවරුන් සිසුනට අමානුෂිකවම පහරදීම් සිදු කරන බවත් මෙම සිසුවා ද එසේ පහර කෑමකට ලක්ව පාසල එපා වූ සිසුවකු බවත් පොලිසිය සඳහන් කරයි.

දෙමාපියන්ගේ දැඩි බලපෑම මත මොහු පාසල් ගොස් ඉගෙනුම ලබා ඇත.

සිසුවාගේ මරණය හේතුවෙන් ප්‍රදේශවාසීන් කෝපවී පාසල වට කර දැඩි විරෝධයක් පළ කරමින් කියා සිටියේ මෙය සියදිවි නසා ගැනීමක් නොව ඝාතනයක් බවයි.

Related posts

ගෝඨාභයගේ පෙත්සම ඔක්තෝම්බර් 24 ට කල්දායි

Shiran Viraj

ටිහාරා ලැගුම්හලේදී අවසන් ඇමතූ අයගෙන් ප‍්‍රශ්ණ කෙරේ.. තොරතුරු රැසක් එලියට..

Shiran Viraj

‘විගණකාධිපතිගේ බලතල කප්පාදුකර නැහැ’ – කරැට ආණ්ඩුවෙන් ප්‍රතිචාරයක්

Shiran Viraj
Translate »