mediahumanrights.lk
Local NewsNews

ටිරාන්ගේ පුතුගෙන් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරීන්ට වැඩ වරදී…

රථවාහන හැසිරීමේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ පුත්‍රයාගෙන් අල්ලස් ඉල්ලා තිබීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා පදනම් කරගෙන විමර්ශන ආරම්භ කර තිබේ.

ඇමති පුතු මහනුවර බලා මෝටර් රියෙන් යමින් සිටියදී ගලගෙදර ‍පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් විසින් මෙසේ අල්ලස් ගැනීමට උත්සාහ දරා ඇති බවට එළවන චෝදනා මත මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පරීක්‍ෂණ ආරම්භ කරන ලෙස දැනුම් දී ඇත.

ඇමති පුත්‍රයාගේ මෝටර් රථය නවත්වා රථ වාහන වරදක් සම්බන්ධයෙන් දඩයක් නියම නොකර නිදහස් කිරීමට අල්ලස් ඉල්ලූ බවට වාර්තා පළ විය.

නමුත් අමාත්‍යවරයාගේ පුත්‍රයා සඳහන් කර ඇත්තේ තමන් වරදක් කරන නිසා දඩ පත්‍රිකාව ගෙන දඩ ගෙවීමට සූදානම් බවය.

Related posts

අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට වාහන සඳහා බලපත්‍ර ලබා දෙන්නැයි අගමැතිගෙන් උපදෙස්

Shiran Viraj

නාරාහේන්පිට පාරක් ගිලා බසී

Shiran Viraj

ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරයි

Shiran Viraj
Translate »