31.7 C
Colombo
2026-10-07
mediahumanrights.lk
Local NewsNews

මද‍්‍රසා පාසලක හිංසන වැඩිවී සිසුවෙක් පාසල් වැසිකිලියේ සියදිවි නසා ගනී.

මඩකලපුව සයින්දමරුදු ප්‍රදේශයේ මද‍්‍රසා පාසලක ඉගෙනුම ලැබූ සිසුවකු එහි වැසිකිළිය තුළ සියදිවි නසාගෙන තිබේ.

සිසුවා එම පාසලේ දී විවිධ බලපෑම්වලට හා හිංසනවලට ලක් වූ බවට චෝදනා එල්ල වන අතර මරණය හේතුවෙන් එම පාසලේ පරිපාලකයවරයා වන මවුලෙවිවරයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පාසලේ ඉගැන්වීම් කටයුතු කරන මවිලවිවරුන් ඇතුළු ආචාර්යවරුන් සිසුනට අමානුෂිකවම පහරදීම් සිදු කරන බවත් මෙම සිසුවා ද එසේ පහර කෑමකට ලක්ව පාසල එපා වූ සිසුවකු බවත් පොලිසිය සඳහන් කරයි.

දෙමාපියන්ගේ දැඩි බලපෑම මත මොහු පාසල් ගොස් ඉගෙනුම ලබා ඇත.

සිසුවාගේ මරණය හේතුවෙන් ප්‍රදේශවාසීන් කෝපවී පාසල වට කර දැඩි විරෝධයක් පළ කරමින් කියා සිටියේ මෙය සියදිවි නසා ගැනීමක් නොව ඝාතනයක් බවයි.

Related posts

පහළට වැටුණු අපනයන යහපාලන රජය යටතේ ඉහළට

Shiran Viraj

හමුදාවෙන් පැනගිය 42,000ක්‌ සොයා මෙහෙයුම්

Shiran Viraj

කිරිපිටි ආනයනය නවතයි…

Shiran Viraj
Translate »