mediahumanrights.lk
Local NewsNews

මද‍්‍රසා පාසලක හිංසන වැඩිවී සිසුවෙක් පාසල් වැසිකිලියේ සියදිවි නසා ගනී.

මඩකලපුව සයින්දමරුදු ප්‍රදේශයේ මද‍්‍රසා පාසලක ඉගෙනුම ලැබූ සිසුවකු එහි වැසිකිළිය තුළ සියදිවි නසාගෙන තිබේ.

සිසුවා එම පාසලේ දී විවිධ බලපෑම්වලට හා හිංසනවලට ලක් වූ බවට චෝදනා එල්ල වන අතර මරණය හේතුවෙන් එම පාසලේ පරිපාලකයවරයා වන මවුලෙවිවරයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පාසලේ ඉගැන්වීම් කටයුතු කරන මවිලවිවරුන් ඇතුළු ආචාර්යවරුන් සිසුනට අමානුෂිකවම පහරදීම් සිදු කරන බවත් මෙම සිසුවා ද එසේ පහර කෑමකට ලක්ව පාසල එපා වූ සිසුවකු බවත් පොලිසිය සඳහන් කරයි.

දෙමාපියන්ගේ දැඩි බලපෑම මත මොහු පාසල් ගොස් ඉගෙනුම ලබා ඇත.

සිසුවාගේ මරණය හේතුවෙන් ප්‍රදේශවාසීන් කෝපවී පාසල වට කර දැඩි විරෝධයක් පළ කරමින් කියා සිටියේ මෙය සියදිවි නසා ගැනීමක් නොව ඝාතනයක් බවයි.

Related posts

චීනය වගේ ණය දෙන්න අපිටත් පුළුවන්..

Shiran Viraj

තෙල් නැති ලොරිය ගුවන් සෙබළා බිලි ගනී

Shiran Viraj

ගංජා ප්‍රවාහනය කරද්දී මාට්ටු

Shiran Viraj
Translate »