28.9 C
Colombo
2026-07-09
mediahumanrights.lk
Local NewsNews

18ට වැඩි සියල්ලෝ ජනවාරියේදී ආදායම් බදු ලියාපදිංචිය අනිවාර්යයි.. නැතොත් දඩ…

2024 ජනවාරි මාසය වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ පුද්ගලයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජනවාරි මාසයෙන් අනතුරුව ලියාපදිංචි වී නැති පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බලන බවත් ඇතැම් විට එම පුද්ගලයන්ට පනත අනුව දඩ මුදල් පවා ගෙවීමට පවා සිදුවුනු ඇති බවත් වැඩබලන කොමසාරිස් ජෙනරාල් උපුල් ජයවර්ධන මහතා කියා සිටී.

එමෙන්ම ලබන වසරේ සිට වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම, ලියාපදිංචිය පැවරීම, ජංගම ගිණුම් විවෘත කිරීම ආදී කාර්යයන් සඳහා ආදායම් බදු අංකයක් ඇතුලත් කිරීම අනිවාර්ය කර ඇති බවද හෙතෙම තවදුරටත් පැවසීය.

Related posts

වැල්ලවත්තේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

Shiran Viraj

හිතුවත්කාර වැඩ නිසා කර්මාන්ත කඩා වැටෙනවා

Shiran Viraj

මාලි ටීම් එකේ නැති එක ගැන දයාසිරි කියන කතාව මෙන්න..!

Shiran Viraj
Translate »