30.6 C
Colombo
2026-09-09
mediahumanrights.lk
NewsPolitical

පලස්තීනයෙන්, යුක්‍රේනයෙන් ඉල්ලුවත් ශ‍්‍රමිකයන් යවනවා..

ජාතිවාදය වපුරමින් පටු දේශපාලන වාසි ලබාගන්නා, ජාතිය, ආගම මුලට දාගත් දේශපාලන පක්ෂ තහනම් කළ යතු යැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය කරයි.

1956 දී සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්කළ දිනයේ සිට දේශපාලන පක්ෂ සිය දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතිවාදය යොදා ගන්නා බවද, ලබන වසරේදී මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබියදී ඇතැම් දේශපාලන කණ්ඩායම් තම වාසිය වෙනුවෙන් ජාතිවාදය නැවත ඉස්මතු කිරීමට උත්සාහ ගනිමින් සිටින බවද අමාත්‍යවරයා චෝදනා කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසුවේය.

ජාතීන්ගේ නම් දාගෙන ඉන්න දේශපාලන පක්ෂ මේ රටේ දේශපාලනයෙන් ඉවත් කළ යුතුයි. අර ජාතික පක්ෂය, මේ ජාතික පක්ෂය කියලා ජාතීය හෝ ආගම කේන්ද්‍ර කරගෙන හදාගෙන තියෙන දේශපාලන පක්ෂ මේ රටේ නැති වෙන්න ඕන. එතකොට තමයි ජාතිවාදය මුලින් උපුටා දාන්න හැකියාව ලැබෙන්නේ.

ඊශ්‍රායලය හා පලස්තීනය අතර ගැටුම් ඇතිවෙලා තියෙන වෙලාවේ, හමාස් සංවිධානය ඇවිත් ඊශ්‍රායලයේ සිවිල් වැසියන් ඝාතනය කළ වෙලාවේ, පහර දුන් වෙලාවේදී අපි ඒකතරයේ හෙළා දැක්කා. දැන් ඊශ්‍රායලය පැත්තෙන් ගාසා තීරයට එල්ලවන ප්‍රහාර අපි හෙළා දකිනවා. අපි ජාත්‍යන්තරය ඉදිරියට ගිහින් ඒක හෙලා දකිනවා. රටක් විදියට අපි ඊශ්‍රායලය පැත්තේවත්, පලස්තීනය පැත්තේවත් නෑ. අපි නොබැදි ප්‍රතිපත්තියක කටයුතු කරන්නේ. අපි නොබැදි ප්‍රතිපත්තියක කටයුතු කරන්නේ.

එහෙම තිබියදී සමහරු පාර්ලිමේන්තුව ඇතුලේ, පාර්ලිමේන්තුවේ එළියේ තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගන්න කතා කරන්න පටන් අරගෙන තියෙනවා. ලංකාවත් ඊශ්‍රායලයත් අතර කාලාන්තරයක් තිස්සේ ශ්‍රමිකයින් යවන සේවා ගිවිසුමක් තියෙනවා. ඒ ගිවිසුම අනුව අපි ශ්‍රමිකයින් යැවීම සිදු කරනවා.

හැබැයි පාර්ලිම්න්තුව ඇතුළට ඇවිත් ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යැවීම ගැන ජාතිවාදී ස්වරූපයෙන් සමහරු කතා කරනවා. ඒක මේ රටේ ජාතිවාදය නැවත වැපිරවීමට ගන්නා උත්සාහයක්. ඒක අනවශ්‍ය දෙයක්.

හෙට පලස්තීනයෙන් අපිට ශ්‍රමිකයින් එවන්න කියලා කිව්වොත් ශ්‍රමිකයින්ට ආරක්ෂාව තියෙනවානම් පලස්තීනයට ශ්‍රමිකයින් යවනවා. රුසියාවෙන් ශ්‍රමිකයින් ඉල්ලුවත්, යුක්‍රේනයෙන් ශ්‍රමිකයින් ඉල්ලුවත් ආරක්ෂාව තියෙනවා නම් ශ්‍රමිකයින් යවනවා. අපි බලන්නේ ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව ගැනයි. එහෙම නැතිව රටවල් බෙදලා ඉරි ගහන්න අපිට හැකියාවක් නෑ. අපි නොබැදි රටක්.

ඇතැම් අය පටු දේශපාලන අරමුණ වෙනුවෙන් ජාතිවාදය වපුරනවා. නැවත වතාවත් ජාතිවාදයේ වාසි ගැනීමටයි ඔවුන් උත්සාහ කරන්නේ. අපි ජාතිවාදය තුරන් කිරීමට උත්සාහ ගන්නවා. ඒ සාමකාමී මාවත ඇහිරීමට උත්සාහ ගන්නා අවස්ථාත් අපි දකිනවා.

– Media unit

Related posts

වැලිකඩ සිරදඩුවම් විඳ නිදහස ලැබූ 62ක් ගැන විශේෂ අවධානය

Shiran Viraj

පුද්ගලයෙක් පැහැර ගෙන ගොස් ඝාතනය කළ සැකකරුවන් 09 දෙනාට අධිකරණයෙන් දුන් තීන්දුව

Shiran Viraj

මහින්ද-කරු තවත් හමුවක

Shiran Viraj
Translate »