mediahumanrights.lk
News Sports Sports News

අවුරුදු පහක් ක‍්‍රිකට් තහනම් කලත් කමක් නෑ.. මුල ඉදන්ම හදන්න ඔ්නෑ..

ක්‍රිකට් තහනම අවුරුදු පහක් පැවතුනද සම්පූර්ණයෙන් නවතා හෝ ක්‍රීඩාව ක්‍රමානුකූලව ගොඩ ගත යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

වත්මන් ක්‍රිකට් අර්බුදකාරී තත්වයේ දී තමන් සිටින්නේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ පාර්ශ්වයේ බව බවද ඔහු සඳහන් කළේය.

‘ක්‍රිකට් සභාපති එම ධුරයට පත් වුණාට පසුව ක්‍රිකට් කඩා වැටුණා කියලා අපිට දැනුණා. ක්‍රිකට් අද ව්‍යාපාරයක් කරගෙන තිබෙනවා අනුමැතිය ඇතිව පවුල් පිටින් විදෙස් සංචාර යනවා අපි දකිනවා. ඩොලර් ගණන් පඩි ගෙවනවා මේ රටට ඒවා දමා ගන්න අමාරුයි. ක්‍රිකට් තිබෙන්නේ එක එක අයගේ අවශ්‍යතා සපුරා ගන්න නෙවෙයි.

ක්‍රිකට් තහනම අවුරුදු පහක් ගියත් කමක් නෑ. මේක සම්පූර්ණයෙන්ම නවත්තලා හරි අවුරුදු පහ ඇතුලත ක්‍රමානුකූලව ගොඩ ගන්න ඕනෑ.

ව්‍යාපාරිකයෝ මෙවට රිංගගෙන ඉන්නවා. රට පුරා පිට්ටනියක්වත් නැති ක්‍රිකට් සංගම් තිබෙනවා. ඒ අයගේ ඡන්දෙ පිහිටෙන් ඕක ඇතුලට රිංගනවා.

මම මේ අවස්ථාවේ ඉන්නේ ඇමතිතුමාගේ පැත්තේ ඇමතිතුමා යම් යම් තීන්දු ගන්න බව පේනවා. ඒවා ඔක්කොම හරි කියනවා නෙවෙයි නමුත් ඇමතිතුමාට උනන්දුවක් තිබෙනවා ක්‍රිකට් ගොඩ ගැනීමට කටයුතු කරනවා පේනවා. එනිසා මම ඒකට සහයෝගය දෙනවා’

ඔහු මෙම අදහස් පළ කළේ කැළණියේ පිහිටි ඔහුගේ පක්ෂ කාර්යාලයේ දී මාධ්‍ය අමතමිනි.

Related posts

පෝට් සිටියේ ‘ක‍්‍රිප්ටො කරන්සි’ භාවිතය අරඹයි…

Shiran Viraj

පුස් තර්ජනවලට මා බිය නෑ.. ‘පාස්ද ෆේල්ද..’ මනින හැටි කියයි..- ජාතිය අමතමින් ජනපති කල සම්පූර්ණ කතාව මෙන්න..

Shiran Viraj

ගතවූ පැය 24 වැඩිම ආසාදිතයින් කොළඹින් : බන්ධනාගාර පොකුරත් 500 ඉක්මවයි

Shiran Viraj