mediahumanrights.lk
BusinessBusiness NewsNews

විදුලි ගාස්තු ඉහලට…

විදුලි ගාස්තු ඉහළ දැමීම මේ මස අවසානයේ සිට ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දීමේ හැකියාව ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය.

විදුලිය ගාස්තු ඉහල දැමීමට විදුලිබල මණ්ඩලය කර ඇති ඉල්ලීමට අනුව එම අනුමැතිය ලබා දෙනු ඇති බවත් අනුමැතිය ලැබෙන දින සිට විදුලි ගාස්තු වැඩි වනු ඇති බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත් මහජන උපයෝගිතා පනත අනුව ජනතා අදහස් දැන ගැනීමට දින 21 ක කාලයක් ද ඇති නිසා ජනතාවගේ අදහස් දැනගැනීමට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ එළැඹෙන 18 වැනිදා සිට සියලූ කටයුතු සූදානම් කර ඇති බවත් ඉන් පසුව අනුමැතිය දීම හෝ නොදීම පිළිබඳව තීරණය කළ හැකි බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

යහපාලන ආණ්ඩුව අද තිබුණා නම් ඩීසල් රුපියල් 126යි.. පෙට්‍රල් රුපියල් 130යි..

Shiran Viraj

ලංකාවේ නම ගිය හෝටල් 2ක් රජයට අහිමි වන ලකුණු

Shiran Viraj

එංගලන්තයට ලකුණු 87 ක ජයක්

Shiran Viraj
Translate »