28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
BusinessBusiness NewsNews

මිල වැඩි කිරීමෙන් සිනොපෙක්ට දැවැන්ත ලාභයක්.. පරණ මිලට විශාල තොග ගෙන්වලා..

අද වන විට රජයට ඉන්ධන අලෙවියෙන් විශාල ලාභයක් ලැෙබමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

පෙට්‍රල් ලීටරයකින් රුපියල් 124ක්, ඩීසල් ලීටරයකින් අවම වශයෙන් රුපියල් 78 ක ලාබයක් ආණ්ඩුව ලබමින් ඇතැයිද හෙතෙම කියා සිටියි.

මෙවර විශාල අගයකින් ඉහළ දැමීමට ප්‍රධාන හේතුව ආණ්ඩුවට මුදල් නැතිකම බවත් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉතා සුළු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබුන මෙතරම් මුදලකින් ඉන්ධන මිල දැමීමට එය කාරණාවක් නොවන බව ද හෙතෙම පෙන්වා දෙයි.

පසුගිය මාස හයක කාලය තුළ තෙල් සංස්ථාවේ ලාබය කෝටි හය දහසක් බව පසුගියදා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළ බවත් එනිසා මිල වැඩි කිරීමට මේ මොහොතේ තර්කාන්විතව කිසිදු හේතුවක් නැති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

මෙතරම් ප්‍රමාණයකින් මිල ඉහළ දැමීමෙන් වාසිය ලැබෙන්නේ සිනොපෙක් සමාගමට බවත් ඔවුන් විසින් පරණ තොග ගෙනැවිත් විශාල ආදායමක් ලබා ඇති බවද හෙතෙම ක්‍රියා තවදුරටත්  කියා  සිටියේය.

Related posts

කොරෝනා ආසාදිත පාසල් සිසුවියගේ ආශ්‍රිතයින්ටත් PCR පරීක්ෂණ සිදු කිරීමට සැලසුම්

Shiran Viraj

පකිස්ථානයට කඩුලු 05ක ජයක්

Shiran Viraj

පොලිස් නිලධාරියෙක් ඝාතනය කළ සැකකරු පොලිස් වෙඩි පහරින්ම මරුට

Shiran Viraj
Translate »