30 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Business Business News News

පුද්ගලික වාහන හැර අනෙක් සියළු වාහන ආනයන සීමා ඉවතට..

2023 වසර අවසන් වන විට පෞද්ගලික වාහන හැර අනෙකුත් වාහන ආනයනය සඳහා පනවා ඇති සියලුම සීමා ඉවත් කිරීමට අදහස් කරන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු (05) පාර්ලිමේන්තුවේ පැවති රජයේ මුදල් පිළිබද කාරක සභාවේ දී අනාවරණ කළහ.

විශේෂයෙන් එවැනි සීමා කිරීම් හමුවේ තිරිගු පිටි, ටයිල් වැනි කර්මාන්තවල මෙන් ද්විඅධිකාරි තත්ත්වයක් ඇති වී‍ම වළක්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කරමින් මෙම වාහන ආනයන සීමා කිරීම් කොපමණ කාලයක් ක්‍රියාත්මක වේ ද යන්න පිළිබඳව කාරක සභාව විමසා සිටි අවස්ථාවේ දී නිලධාරීහු මේ බව පැවසූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් (05) රජයේ මුදල් පිළිබද කාරක සභාව රැස්වූ අවස්ථාවේ දී මෙම කරුණු සාකච්ඡා විය.

කමිටුව විසින් 2023.07.20 දිනැති අංක 2341/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ ඇති රෙගුලාසි පිළිබදව අවධානය යොමු කළ අතර ඊට අනුමතිය ලබා දෙන ලදී.

තවද 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ අංක 2338/40 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝගය ද කාරක සභාවේදී සලකා බලා අනුමත කරන ලදී.

මෙහි දී සංක්‍රමණික දීමනාවට පළමුවරට හිමිකම් කියනු ලබන විගාමිකයන් සදහා සුදුසු සංක්‍රමනික දීමනාව ඇ.ඩො. 30000 සිට ඇ.ඩො 50000 ක උපරිමය දක්වා හෝ වෙනත් නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදලකින් එයට සමාන ප්‍රමාණයක උපරිමයක් දක්වා වැඩි කිරීම සිදු වේ.
එවැනි නියෝගයකට පෙර වර්ෂයේ සංක්‍රමණය වූ අය සඳහා පවතින සාධාරණත්වය පිළිබඳ එහිදී කමිටුව ප්‍රශ්න කළේය. මෙහිදී ඔවුන්ට ඉතිරි මුදල ලෙස උපරිම ඇ.ඩො. 20,000ක් දක්වා ලබාගත හැකි බව පැමිණ සිටි නිලධාරීහු ප්‍රකාශ කළහ.

තවද සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත ද කාරක සභාව විසින් සලකා බලා අනුමත කරන ලදී.

ඒ අනුව, 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නිෂ්පාදන බද්ද බදු ව්‍යුහය සරළ කිරීමට හදුන්වා දුන් බද්දක් බැවින් ආනයනයේදී නිෂ්පාදන බද්දට යටත්වන ඕනෑම මෝටර් රථයක් බද්දෙන් නිදහස් වීම සිදු වේ.

තව ද විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් මත බදු බර අඩු කිරීම සඳහා එවැනි පුද්ගලයන් භාවිතා කරන උපකරණ, කපා ඔප දැමීමෙන් පසු ප්‍රතිඅපනයනය කිරීමේ ශ්‍රී ලාංකික ව්‍යාපාර වල බදු බර අඩු කිරීමෙන් ගෝලීය වෙළෙඳපොළ තුළ වෙළෙඳපොළ තුළ තරගකාරීත්වය පවත්වාගෙන යාමට ප්‍රති අපනයනය කිරීම සඳහා ආනයනය කරන රළු ඔප දමා නොමැති මැණික් ගල්, අනෙකුත් ආනයන බදු ඉවත් කර ඇති ලෙසම තීරුබදු රහිත සාප්පු වල විකුණනු ලබන ඕනෑම භාණ්ඩයක් සමාජ ආරක්ෂණ දායකත්වය බද්දෙන් නිදහස් කිරීම සඳහා සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනතේ පළමුව උපලේඛනය සංශෝධනය කිරීම සිදු වේ.

කෙසේ වෙතත්, ආබාධිත පුද්ගලයන් සඳහා ප්‍රවේශය තවමත් පහසු නොවන අවස්ථාවක දී බදු බර අඩු කිරීම ඔවුන් භාවිත කරන උපකරණ නිදහස් කිරීමේ ඵලදායිතවය පිළිබඳව කමිටුව පැමිණ සිටි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.

– ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

Related posts

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් නිවසටම

Shiran Viraj

විල්පත්තුවේ අක්කර 1500ක් සුද්ද කරයි.. කෝමාරිකා වගාවක්ලු..

Shiran Viraj

අමෙරිකාවෙන් තහනම් කිරිමක්

Shiran Viraj