31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
NewsPolitical

හැමෝම ජනාධිපති සමග එක්වන්න.. ඔහු වසරකින් රට බේරාගත්තා..

ලෝකයේ ඇති වූ අරගල හමුවේ බොහෝ රාජ්‍යයන් බිඳ වැටී වසර ගණනාවක් අරාජිකව පැවතුණද, ශ්‍රී ලංකාව වසරක් වැනි කෙටි කාලයක් තුළ යථා තත්ත්වයට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි නායකත්වය හේතු වූ බව පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබූ සහ මහජන නියෝජිතයන්ගේ මෙන්ම පොදු දේපළ විනාශ කළ දිනය ලෙස ජූලි 09වනදා ඉතිහාසයට එක්ව ඇති බව සිහිපත් කළ මන්ත්‍රීවරයා මෙම අරගලයට මුවාවි කැරලිකරුවන්ට තිබූ න්‍යාය පත්‍රය කුමක්ද කියා අද වන විට අධිකරණ ක්‍රියාවලිය හමුවේ අනාවරණය වෙමින් තිබෙන බවද සඳහන් කළේය.

පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කර සිටියේ “ස්ථාවර රටකට – සැවෙම එකමගකට මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබු මාධ්‍ය හමුවට එක් වෙමිනි.

කිසිවෙකු රට භාර ගැනීමට ඉදිරිපත් නොවූ අවස්ථාවක රට භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද රටේ ආර්ථිකය යළි ගොඩනඟමින් සිටින බව සඳහන් කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ සමග එක්වන්නැයි තමා සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.

Related posts

මෘත දේහ ආදහනය කරන තීන්දුවේ කිසි වෙනසක් නැහැ – පවිත්‍රාගෙන් පිළිතුරක්

Shiran Viraj

විසඳුම් ඉල්ලා දඹුල්ලේ කිරිගොවීන් කිරි නාපු හැටි – Video

Shiran Viraj

ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක්….

Shiran Viraj
Translate »