2025-12-10
mediahumanrights.lk
Local NewsNews

ලෝකයේ වැඩිපුරම පිටිකිරි බොන රටවල් අතර ලංකාව මුල් පෙලට…

ශ්‍රී ලංකාව ලෝකයේ වැඩියෙන්ම පිටිකිරි භාවිතා කරන රටවල් පහෙන් එකක් බවට පත්ව තිබෙන බව පශු සම්පත් රාජ්‍ය ඇමති ඩී බී හේරත් මහතා සඳහන් කරයි.

පිටි කිරි භාවිතා කිරීම දියර කිරි සමග සාපේක්ෂව පෝෂණය සම්බන්ධයෙන් යහපත් කාරණාවක් නොවන බව ද හෙතෙම පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙරට දියර කිරි භාවිතය ප්‍රචලිත කිරීම අභියෝගයක් බව ද පැවසූ ඔහු මේ වන විට දියර කිරි අලෙවිය ප්‍රචලිත කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවද සඳහන් කළේය.

මෙරටට අවශ්‍ය කිරි අවශ්‍යතාවයෙන් රට තුළින් ලැබෙන්නේ 40% ක් පමණක් බවත් ඉතිරි 60% ම ආනයනය කරන බවත් ඔහු පෙන්වා දෙයි.

Related posts

මා සමග සජීවී රූපවාහිනි විවාදයකට එන්න..- සජිත් ගෝටාට අභියෝග කරයි..

Shiran Viraj

බ්‍රිතාන්‍ය අගමැති දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට

Shiran Viraj

රටටම නැති ඩීසල් කොළඹ විදුලියට මැවේ.. කොලඹට විදුලිය නොකපයි..

Shiran Viraj
Translate »