mediahumanrights.lk
Local NewsNews

ලෝකයේ වැඩිපුරම පිටිකිරි බොන රටවල් අතර ලංකාව මුල් පෙලට…

ශ්‍රී ලංකාව ලෝකයේ වැඩියෙන්ම පිටිකිරි භාවිතා කරන රටවල් පහෙන් එකක් බවට පත්ව තිබෙන බව පශු සම්පත් රාජ්‍ය ඇමති ඩී බී හේරත් මහතා සඳහන් කරයි.

පිටි කිරි භාවිතා කිරීම දියර කිරි සමග සාපේක්ෂව පෝෂණය සම්බන්ධයෙන් යහපත් කාරණාවක් නොවන බව ද හෙතෙම පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙරට දියර කිරි භාවිතය ප්‍රචලිත කිරීම අභියෝගයක් බව ද පැවසූ ඔහු මේ වන විට දියර කිරි අලෙවිය ප්‍රචලිත කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවද සඳහන් කළේය.

මෙරටට අවශ්‍ය කිරි අවශ්‍යතාවයෙන් රට තුළින් ලැබෙන්නේ 40% ක් පමණක් බවත් ඉතිරි 60% ම ආනයනය කරන බවත් ඔහු පෙන්වා දෙයි.

Related posts

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පතේ දෙවැනි කියවීම කල් දමයි – නව දිනයක් නියම වී නැහැ

Shiran Viraj

ලෝකයේ වැඩිම මිලක් අයකරන පුහුණුකරු දුර්වල වූ ශ්‍රී ලංකා පිළට දෙන්න යයි

Shiran Viraj

සුපිරි ජීවිතයක් ගතකරපු ධන කුවේරයා ඩොලර් ලක්ෂයක රත්‍රන් එක්ක අවසන් ගමන් ගිය හැටි – Video Photos

Shiran Viraj
Translate »