2026-07-04
mediahumanrights.lk
Local NewsNews

බාල ඖෂධවලින් ෆාමසි පිරේ… රෝගී ජීවිත අවදානමේ…

ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා රසායනාගාරයක් නොමැතිවීම හේතුවෙන් වෙළෙඳ පොළට බාල තත්ත්වයේ ඖෂධ ගලා ඒම නිසා රෝගීන් අවදාමකට පත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

වැඩි වශයෙන්ම ඉන්දියාවෙන් ආනයනය කරන ඖෂධවල ප්‍රමිතිය නියාමනය කිරීමේ නිසි යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාවට නොමැති බවත් එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසීය.

මෙරටට එන සියලුම ඖෂධ කාණ්ඩවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රමිතිය සහිත උසස් රසායනාගාරයක් ස්ථාපිත කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින්නේ එනිසා බවත් ඔහු සදහන් කලේය.

නමුත් සිදුවෙමින් පවතින්නේ ඖෂධවල ප්‍රමිතිය රෝගීන් හරහා පරීක්‍ෂා කිරීම බව මෑත සිදුවීම්වලින් පැහැදිලි වන බවත් අලුත්ගේ මහතා කියා සිටී.

,සුදුසු ආගන්තුක ආයතනයක් සමඟ සහයෝගයෙන් තත්ත්ව සහතික රසායනාගාරයක් ස්ථාපිත කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමුල, ඔහු වැඩිදුරටත් පැවසීයග

හදිසි මිලදී ගැනීම් යටතේ ලියාපදිංචි නොකළ ඖෂධ තොගයක් රට තුළට ඇතුළු වී තිබීම වෛද්‍ය වෘත්තිකයන්ගේ දැඩි කනස්සල්ලට හේතු වී ඇති බව වෛද්‍ය අලුත්ගේ මහතා පැවසීය

Related posts

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායම ජනපති හමුවෙයි

Shiran Viraj

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව විමර්ශන අරඹන ලෙස නීතිපතිගෙන් CIDයට නියෝග

Shiran Viraj

තමිල්නාඩු සිට කොළඹට සෘජු දුම්රිය මාර්ගය ඇරඹුවා..- India Today

Shiran Viraj
Translate »